Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නව තීරණයක්! විද්‍යාපීඨවලට සිසුන් බඳවාගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්!

2 years ago

මින් ඉදිරියට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කෙරෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන අවම ඉසඩ් ලකුණු මත පමණි.

මෙම පියවර ගැනෙන්නේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ දහනවය ඒකාබද්ධ කර ජාතික ගුරු විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවීම නිසා ය. එම විශ්වවිද්‍යාලය පිහිටුවීමේ නීතිමය කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතියි. නව විශ්වවිද්‍යාලය පිහිටුවීමත් සමග ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල මෙතෙක් පැවති තුන්වසරක පුහුණු කාලය සිව් වසරක් දක්වා පුළුල් කෙරේ. ඒ අනුව මෙතෙක් සිසුන්ට ලබා දුන් ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමාව වෙනුවට සිසුන්ට පිරිනැමෙන්නේ උපාධියකි. මින් ඉදිරියට පාසල්වලට පත්වීම් ලබා දෙන්නේ සිව් වසරක ගුරු පුහුණුව ලැබූ උපාධිධාරීන්ට පමණි.

පසුගිය දෙසැම්බර් මස පැවති උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් මෙහි ප්‍රථම කණ්ඩායම වෙයි. ඉදිරි මාස දෙක ඇතුළත මෙම සිසුන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත ය. නව ක්‍රමවේදය මත ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන් අයදුම් කරන අවස්ථාවේම ජාතික ගුරු විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසුන් ද අයදුම් කළ යුතුය. ඔවුන් අයදුම් කළ යුතු වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන ප්‍රවේශ අත්පොත අනුව ය.

මීට වසර කිහිපයකට පෙර මෙම ජාතික ගුරු විශ්වවිද්‍යාලය පිහිටුවීමට තිබූ නමුත් එම කටයුතු දීර්ඝ කාලයක් ප්‍රමාද වූයේ එය ජාතික අධ්‍යාපන ආයතනය යටතේ පිහිටුවිය යුතු බවට වූ ඉල්ලීම් හේතුවෙනි. විද්‍යාපීඨ කථිකාචාර්යවරු ඊට දැඩි ලෙස විරෝධය පළ කළ අතර ඇතැම් අවස්ථාවල වැඩවර්ජන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූහ. (source – aruna)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *