Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ක්ලබ් වසන්තගේ බිරිඳ කළුබෝවිල රෝහලට මාරුකර යවයි

6 months ago 916

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තාගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇතැයි හෝමාගම මූලික රෝහල පවසයි.

හෝමාගම රෝහලේදී ඇයව ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර ඇයගේ තත්ත්වය අසාධ්‍ය බැවින් කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අතුරුගිරිය හන්දිය ආසන්නයේ විවෘත කිරීමට නියමිත රූපලාවණ්‍යාගාරයකට පැමිණි අවස්ථාවේදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකුගේ වෙඩි පහරින් ඇය තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *