Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ක්ලබ් වසන්තගේ වෙඩි නොවදින සුරවල බල බිඳින්න රන් ආලේපිත උණ්ඩ වලින් වෙඩි තියලා!

8 months ago 2.3 K

කැරොකේ අවන්හල් ජාලයක හිමිකරුවෙක් වන ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් කැරොකේ වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කරමින් සහ ජනප්‍රිය ගායිකා කේ. සුජීවා ඇතුළු සිව් දෙනෙකුට තුවාල සිදු කරමින් අතුරුගිරියේ ටැටූ රූපලාවණ්‍යාගාරයක දී ඊයේ (08) එල්ලවුණු වෙඩි ප්‍රහාරය ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන කංජිපානි ඉම්රාන් විසින් මෙහෙයවා ඇති අතර වෙඩි තැබූ සෑම උණ්ඩයකම පාහේ KPI ලෙස සටහන් කර තිබී ඇත.

කංජිපානි මත්කුඩු ජාවාර‍ෙම් යෙදෙන්නේ KPI ලෙස සන්නාමයක් යොදා ගෙනය. ඔහු විසින් ඇණවුම් කරන මත්කුඩු පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් මෙරටට එවන විට පවා KPI ලෙස සටහන් තබන බව බුද්ධි අංශ සඳහන් කරයි.

මෙතෙක් ඉතිහාසයේ පාතාල අපරාධකරුවන් වෙඩි උණ්ඩයේ සිය නම සටහන් කර වෙඩි තබා නැති බවත් එසේ පාතාල සිය නම වෙඩි උණ්ඩයේ සටහන් කර එල්ල කළ ප්‍රහාරය වන්නේ මෙය බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

පුද්ගලයන් දෙදෙනෙක් ටී 56 අවි දෙකකින් මෙම වෙඩි තැබීම කර ඇති අතර, එම අවිවලින් පිටවූ උණ්ඩවල හිස්කොපුවල පැහැදිලිවම KPI යනුවෙන් පෑනකින් සටහන් කර ඇති බව විමර්ශන නිලධාරින්ට පෙනී ගොස් තිබේ.

මෙම පතරොම් වල පැහැය සාමාන්‍ය පතරොම්වලට වඩා වෙනස් බැවින් යම් ද්‍රාවණයක් එහි ආලේපකර තිබේ දැයි දැන ගැනීමට රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ගැනීමට ද නියමිත බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

පොලිසිය සැක කරනුයේ මෙම පතරොම්වල රන් ආලේපිත කර ඇති බවය.

කැරොකේ වසන්ත විසින් වෙඩි නොවදින සුරයක් පලඳින අයෙක් බැවින් සුරයේ බල බිඳිමින් ඔහුට වෙඩි තැබීමට පතරොම්වල රන් ආලේපිත කර තිබේදැයි සැකයක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් වල සිටින ඇතැම් නිලධාරින් සැක කරති.

මෙම වෙඩි තැබීම කැරොකේ වසන්තම ඉලක්කරගෙන එල්ලවී ඇති බව පෙනී යන බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *