එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ 11වැනි තරගය ලෙසින් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (09දා) පස්වරුවේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 224ක් රැස්කිරීමට සමත් වුණා.
මෙය මෙවර තරග වාරයේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් විය.
එමෙන්ම එල්.පී.එල්. තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද එය වාර්තා අතරට එක්විය.
ජැෆ්නා කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වූ පැතුම් නිස්සංක පන්දු 59කට මුහුණදෙමින් ලකුණු 119ක් රැස් කළේය.
ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් හා හතරේ පහර 16ක් අන්තර්ගත විය.
මෙය පැතුම්ගේ කුළුදුල් විස්සයි20 ශතකයයි.
එමෙන්ම ඔහු සිය ශතකය පන්දු 52කින් ගොඩනැගූ අතර, එය එල්.පී.එල්. ඉතිහාසයේ වාර්තා වූ දෙවැනි වේගවත්ම ශතකයද වේ.



2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි
කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
X සටහනක් නිසා පාකිස්තාන අගමැති ලොකු අමාරුවක වැටෙයි
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්
හිටපු ජනපති මහින්දගෙන් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුවට දින නියම වෙයි
මහපොළ වාරිකය ගැන දැනුම්දීමක්
2026 පළමු කාර්තුවේදී දැවැන්ත බදු ආදායමක්
ලොතරැයි ඉතිහාසයේ රුපියල් ලක්ෂ 6,200ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්රාහකයාට පිරිනමයි (ඡායාරූප)
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි කරන්නන්ට වැඩ වරදී