කෝප් කමිටුවේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී.සී. ෆර්ඩිනැන්ඩු විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ලංවිම සභාපතිවරයා එම නිවේදනය මගින් ප්‍රකාශ කර ඇත්තේ, තමන් විසින් කෝප් කමිටුවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නාමය යෙදීම සම්බන්ධයෙන් පදනම් හා කොන්දේසි විරහිතව සමාව අයදින බවත් අදාළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවයි.
එලෙස ‘අගමැති’යන වචනය භාවිත වූයේ තමන් කෝප් කමිටුව හමුවේ සිදු කළ පැහැදිලි කිරීම් සමග තිබූ පීඩනය සහ හැඟීම් හේතුවෙන් බවයි ෆර්ඩිනැන්ඩු සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.
කෙසේවෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේද සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ කෝප් කමිටුවේ දී ලංවිම සභාපති විසින් සිදු කරන ලද ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බවයි.
නමුත් සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා තමන්ව කැඳවා ඉන්දීය අගමැති මෝදි බලපෑම් කරන බැවින් මන්නාරම ප්‍රදේශයේ ඉඳිකිරීමට යෝජිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ඉන්දියාවේ අඳානි සමාගමට දෙන ලෙස ප්‍රකාශ කර සිටිය බවයි.
කෝප් කමිටුව හමුවේ ඒ මහතා සිදු කළ ප්‍රකාශය පහතින්
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්