සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් නවතම ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵල වාර්තාව නිකුත් කර තිබෙනවා.
එහිදී ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට හිමි වී ඇති ජන ප්‍රසාදය 37%ක් ලෙස සටහන් වී ඇති අතර එය පසුගිය සමීක්ෂණයේදී 30%ක් ලෙස සටහන් වී තිබුණි.
ඒ අනුව ඔහුට හිමි ජන ප්‍රසාදය 7%කින් ඉහළ ගොස් ඇත.
පසුගිය සමීක්ෂණ කිහිපය පුරාවටම ඔහුට හිමි ජන ප්‍රසාදය පහත වැටෙමින් පැවතියද මෙවර සමීක්ෂණ වාර්තාවට අනුව ඔහු නැවතත් පෙරමුණ ගැනීමට සමත්ව ඇත.
එම සමීක්ෂණ වාර්තාවට අනුව සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇති ජනතා ප්‍රසාදය පහත වී ඇති අතර ඔහුට මෙවර හිමිව ඇති ප්‍රතිශතය 36%කි.
ඔහුට පසුගිය මැයි මාසයේ සමීක්ෂණ වාර්තාවට අනුව හිමිව තිබුණේ 43%ක ප්‍රතිශතයකි.
එම සමීක්ෂණ වාර්තාවට අනුව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 23%ක ජනතා ප්‍රසාදයක් හිමිව පවතී. ඔහුට හිමි ජන ප්‍රසාදය මාස 4ක් තුළ 10% සිට 23% දක්වා වැඩි වී තිබීම කැපී පෙනෙන සිදුවීමකි.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට හිමි ජන ප්‍රසාදය 4%ක් ලෙස දක්වා පහත වැටී ඇත.
මෙම සමීක්ෂණය සඳහා මේ දක්වා පුද්ගලයින් 19,015 දෙනෙකු සහභාගී කරවාගෙන තිබේ.

Related: ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පැමිණිල්ලක්



සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවමක් නියම වෙයි
හෙට උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණයෙන් රතු නිවේදනයක්
රජය මැතිවරණයකට සැරසෙයි
රජයේ සේවකයින්ට දැනුම්දීමක්
LPL තරගාවලිය පැවැත්වෙන දින වකවානු නිවේදනය කරයි! පළමු තරගය යාපනය හා ගාල්ල අතර!
බොරතෙල් මිල යළි ඉහළට
IMF වෙතින් ශ්‍රී ලංකාවට සහතිකය
ධාරානිපාත වැසි ගෙනා අඩු පීඩන කලාපයේ බලපෑම තවදුරටත්! කාලගුණයෙන් නවතම නිවේදනයක්!
ආපදා මරණ ගණන ඉහළට
කපිල මිය ගිය අරවින්දගේ නිවසේ CCTV දත්ත ගබඩා වෙලා නැහැ! නිවසේ මෙහෙකාරියගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නව මුද්දරයක්
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි