සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 26ක ජයක් වාර්තා කරමින් එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(16) සමත් වුණා.
මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 43කදී ලකුණු 216 ක ඉලක්කයක් හිමිවූ නමුත්, ඔවුන්ට පන්දුවාර 37.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 189ක් පමණයි.
ඩේවිඩ් වෝනර් ලකුණු 37ක් ද, ස්ටීවන් ස්මිත් ලකුණු 28 ක් ද, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 30ක් ද රැස් කළා. ට්‍රැවිස් හෙඩ් ලකුණු 23යි.
පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 47කට කඩුලු 3ක් දවා ගත්තා. දුෂ්මන්ත චමීර, ධනංජය ද සිල්වා හා දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 47.4 ක් අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 220 ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. අනතුරුව යළි ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකරණයේ නිරත වීමට හැකි වූයේ නැහැ.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් ලබා ගත් අතර, ධනංජය ද සිල්වා හා දසුන් ශානක ලකුණු 34 බැගින් රැස් කළා. දුනිත් වෙල්ලාලගේ ලකුණු 20යි.
පන්දු යැවීමේ දී පැට් කමින්ස් ලකුණු 35කට කඩුලු 4ක් බිද හෙලුවා.
තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ චාමික කරුණාරත්නයි.
ආබාධයක් හේතුවෙන් මෙම තරගය සදහා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ක්‍රීඩා කළේ නැහැ.
source – hitwicket

22 සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
පාස්කු මහ නඩුවේ තීන්දුව අද! අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!
අනෝජන් බේරා ගන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි
චමරි අතපත්තු ප්රමුඛ සිංහ ධේනුවන් අද රන් පදක්කම් සටනට
ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ