සබරගමුව පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හසිත සමන්ත මුහන්දිරම්
හෙවත් “සර්පයා” නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.
ඒ, 1999 වසරේ රත්නපුර – කලවාන ප්‍රදේශයේදී හිටපු සබරගමු පළාත් සභා මන්ත්‍රී රංජිත් නන්දසේන සහ ඔහුගේ ආරක්ෂකයාට වෙඩි තබා ඝාතනය කර මෝටර් රථයක් තුළ පිළිස්සීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.
එහිදී මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ කියා සිටියේ මේ සම්බන්ධයෙන් විමර්ශන නිසියාකාරව සිදුකිරීමට පොලිසිය අපොහොසත් වීම හා අධිකරණ වෛද්‍ය සාක්ෂි ද විශ්වසනීයත්වයෙන් තොර බැවින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා සඳහන් කළා.

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ
අද කාලගුණ නිවේදනය
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට
පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards