Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙම මස තුළ දී භූමිතෙල් මිල ඉහළට?

2 years ago 1.8 K

මේ මාසය අවසන් වීමට පෙර භූමිතෙල් ලීටරයක මිල ඉහළ දැමීමට සිදුවන බව ඛනිජ තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. 
 
මේ වන විට භූමිතෙල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 87.00 ක මිලකටයි. ඒ අනුව සෑම භූමිතෙල් ලීටරයකින් ම ඛනිජ තෙල් සංස්ථාව දළ වශයෙන් රුපියල් 283.00 පාඩුවක් සිදු වන බවයි වාර්තා වන්නේ.
 
වැඩි වශයෙන් භූමි තෙල් භාවිතය සිදුවන්නේ අඩු ආදායම්ලාභීන්, වතු ප්‍රජාව සහ ධීවර ප්‍රජාව අතර වන බැවින් ඔවුන් සඳහා සහනදායි මිලකට භූමිතෙල් අලෙවි කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම් පිළිබඳව බලශක්ති අමාත්‍යාංශයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අවධානය යොමුවී තිබෙනවා.
 
ඒ අනුව අඩු ආදායම්ලාභීන් සඳහා තෝරාගත් ඉන්ධනහල් සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉන්ධනහල් හරහා සහනදායි මිලට භූමිතෙල් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *