ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති පවුල් ලක්ෂ 33 කට මෙම මස සිට රුපියල් 5,000 දීමනාව ලබා දීම ආරම්භ කරන බව කාන්තා ළමා කටයුතු සමාජ සවිබලගැන්විම් අමාත්‍යංශය පවසනවා.
ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව හරහා ප්‍රතිපාදන ලබා දෙන බවයි එහි ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ.
මාස 06 ක් සඳහා මෙම දීමනාව ලබා දෙන බව ද ඔහු ප්‍රකාශ කළා.