Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනතාව ගිණි ගණන්වලට හාල් ගනිද්දි සතොසේ හාල් හොර පාරෙන් මෝලකට

3 years ago 475

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් ලංකා සතොසට නිකුත් කළ සහල් කිලෝ ලක්ෂ තුනක් හොරපාරෙන් හොරොව්පතානේ මෝලකට ගොස් දේශීය සහල් ලෙස වෙළෙඳපොළට එවා ඇතැයි වාර්තා වෙයි.

මෙම සහල් කිලෝ ලක්ෂ තුන වෙනුවෙන් ලංකා සතොස රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවට මුදල් ගෙවා ඇති බවද එහෙත් සැබෑවටම එහි ගබඩාවලට මෙම සහල් තොග පැමිණ නැති බවද දැන ගන්නට තිබේ.

එයින් ලංකා සතොසට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි හයකට ආසන්න බවද ලංකා සතොස ආරංචි මාර්ගවලින් දැන ගන්නට තිබේ.

එම සහල් තොග හොරොව්පතානේ සහල් මෝලකට යොමුකර එහිදි නැවත ඇසුරුම්කර දේශීය සහල් ලෙස වෙළඳපොළට වැඩි මිලට නිකුත් කර ඇති බවද වාර්තාවේ.

මෙම සහල් වංචාව සිදුකර තිබෙන්නේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සහල් ආනයන ව්‍යාපෘතිය භාර කළමණාකරුවන් දෙදෙනෙකු සහ ලංකා සතොස ආයතනයේ ගබඩා කළමණාකරුවකු විසින් බවද වාර්තාවේ.

source – lankadeepa

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *