මුළු රටක් ලෙයින් තෙත් කළ මිනීමරු ප්‍රභාකරන් මරා දැමූ අවස්ථාවේදී එදා කිරිබත් කා රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීතිඝෝෂා පැවැත්වූ මේ රටේ සමහරුන් මිනීමරු ප්‍රභාකරන් විනාශ කිරීමට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැරෙන තුරු රතිඤ්ඤා ලෑස්ති කරගෙන අද බලා සිටීම කෙතරම් අභාග්‍යසම්පන්න තත්වයක් දැයි හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා හැඬූ කඳුළින් යුතුව ප්‍රශ්න කළේය.
මතු ආත්මයකදීවත් මේ දෙරණේ නොඉපදින්නට තමා ප්‍රාර්ථනා කරන්නේ මෙනිසා බවද ඔහු සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා කුමන අඩුපාඩු තිබුණත් මේ රටට යම් තීරණාත්මක මෙහෙවරක් කළ ඓතිහාසික චරිතයක් බව තමාගේ අදහස යැයි පැවසූ දිසානායක මහතා එවැනි පුද්ගලයකු මැරෙන තුරු අකෘතඥ පිරිසක් මෙලෙස බලා සිටීම අතිශයින්ම ඛේදජනක තත්වයක් බවද ප්‍රකාශ කළේය.
මිනිසකු නොව සතෙකු මිය ගියත් තමා සතුටු වන පුද්ගලයකු නොවේ යැයිද වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගිය දිනයේ බොහෝ දෙනෙකු රතිඤ්ඤා පත්තු කළද තමා එසේ නොකළේ මිනිසෙකු මිය යෑම සතුටුවිය හැකි සිද්ධියක් නොවන බව තමාගේ අභ්‍යන්තරය පෙන්වා දෙන නිසා යැයිද විමලවීර දිසානායක මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා තමාට පෙරේදා දිනයේ කතා කළ බව පැවසූ හිටපු ඇමැතිවරයා ඔහු ඉතා හොඳ සුවයෙන් පසුවන බවද සඳහන් කළේය.
අසාධ්‍ය තත්වයෙන් පසුවන බවට සමහරුන් ප්‍රචාර ගැන තමා ඔහුට පැවසූ අවස්ථාවේදී රාජපක්ෂ මහතා ” ඕවා ඔහොම තමයි විමලේ..මට අසාධ්‍යයි කියලා මම වත් දන්නෙ නෑ ” යනුවෙන් පවසා මහ හඬින් සිනාසුනු බවද හිටපු ඇමතිවරයා කීවේය.

Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය
ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්
ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු සහනය
වෛද්‍ය වර්ජනය තවදුරටත්! වර්ජනයට හේතු වූ ඉල්ලීම් මෙන්න!
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්
ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අනාවැකියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුරක්!දෙදරු පියෙක් ජීවිතක්ෂයට!
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයි
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි