ගත වූ දින දහයක කාලය තුළ සිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම බෙදුම් හල් වෙත ඉන්ධන නිකුත් නොකළ ද සැලකිය යුතු වාහන ප්‍රමාණයක් මාර්ගවල අදටත් ගමන් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
එයින් පෙනී යන්නේ විශාල පිරිසක් ඉන්ධන ගබඩා කරගෙන තිබෙන බව යැයිද හෙතෙම පැවසීය.
අද වන විට පාතාලය විසින් ඉන්ධන හල් වල පාලනය තමන් යටතට නතු කරගෙන සිටින බවද ඒ මහතා සඳහන් කරනවා.
නමුත් තෙල් සංස්ථාව විසින් ඉන්ධන හල් වෙත නිකුත් කරන ඉන්ධන බෙදා දීමේ වගකීම පැවරී ඇත්තේ එම ඉන්ධන හල්වලට බවද ඔහු තවදුරටත් කියා සිටියේය.