ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරිමේ (Draft) අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තේරීමේ කටයුතු ඊයේ(5) සිදු කෙරුණා.
තරගාවලියට එක්වන කණ්ඩායම් පහ සදහා ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සකස් කර ගැනීමේ අරමුණින් මෙම කෙටුම්පත් කිරීම තරගාවලියේ සංවිධායකයින් විසින් සංවිධාන කර තිබුණා.
පසුගිය තරග වාරයේ දී සිය සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් 6 දෙනෙකු (විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් සිව් දෙනෙකු) ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙර උපරිම වශයෙන් කණ්ඩායමේ රදවා ගැනීමේ අවස්ථාව සියලු කණ්ඩායම් වෙත ලබා දී තිබූ අතර, කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග සෘජුවම ගිවිසුම්ගත වීමේ අවස්ථාව ද තරගාවලියේ සංවිධායකයින් විසින් ලබා දී තිබුණා.
ඒ අනුව එලෙස රදවා ගත් හා සෘජුව ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් ද සහිතව කෙටුම්පත් කිරීම අවසන් වන විට දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු සෑම සංචිතයකටම තෝරා ගැනීමේ අවස්ථාව පැවතුණා.
පසුගිය තරග වාරයන් දෙකේම ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් සංචිතය ද මේ වන විට සම්පූර්ණ වී අවසන්.
ඔවුන්ගේ කණ්ඩායමට මිලදී ගෙන ඇති විදෙස් ක්‍රීඩකයින් වන්නේ කොදෙව් දූපත්හි Evin Lewis, දකුණු අප්‍රිකාවේ Hardus Viljoen, පාකිස්තානයේ Shoaib Malik, පාකිස්තානයේ Shahnawaz Dahani, දකුණු අප්‍රිකාවේ Tristan Stubbs හා ඇෆ්ඝනිස්තානයේ Rahmanullah Gurbaz යන ක්‍රීඩකයින්.
මෙවර තරග වාරයේ දී ද ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තිසර පෙරේරා විසින් මෙහෙයවීමට නියමිතයි.
ජැෆ්නා කිංග්ස් සංචිතය –
Evin Lewis, Thisara Perera, Hardus Viljoen, Dhananjaya de Silva, Shoaib Malik, Maheesh Theekshana, Dunith Wellalage, Praveen Jayawickrama, Shahnawaz Dahani, Binura Fernando, Rahmanullah Gurbaz, Tristan Stubbs, Suminda Lakshabn, Sadeera Samarawickrama, Dilshan Madushanka, Nipun Dananjaya, Theesan Vidushan, T. Dinoshan, Vijayakanth Viyaskantha, Ashan Randika
courtesy – hitwicket lk

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි