රට අරාජික තත්ත්වයෙන් නිදහස් කරගැනීම සඳහා කඩිනම් පියවර ගත යුතුව ඇති බවත් එහිදී පළමුව නිශ්චිත වැඩපිළිවෙළක් සකසා එය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික එකඟතා පාලනයක් පිහිටුවිය යුතු බවත් ඊට ඉඩ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති ස්වාධීන පක්ෂ එකමුතුවේ පක්ෂ නායක හමුවේදී ගනු ලැබූ තීරණ පිළිබඳව මාධ්‍ය වෙත දැනුම් දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
“මේ තිබෙන වාතාවරණය යටතේ රට නැවත පාලිත තත්ත්වයකට ගන්න, අරාජික තත්වයෙන් නිදහස් කරගන්න කඩිනම් පියවර ගත යුතුයි, කියලයි අපි ස්වාධීන පක්ෂ එකමුතුව ලෙස තීරණය කළේ. ඒ සඳහා වහාම ජාතික එකඟතා පාලනයක් පිහිටුවිය යුතුව තිබෙනවා. එම කටයුත්ත සඳහා ඉඩ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුව තිබෙනවා.
තාවකාලික වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කතානායකවරයා කටයුතු කරන අතරතුර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකතු වෙලා නිශ්චිත වැඩපිළිවෙළක් සකසා එය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික එකඟතා පාලනයක් පිහිටුවිය යුතුයි, යන කඩිනම් පියවර ගත යුතුයි කියන එකයි අපේ මතය. ඉදිරියේදී අපි මේ පිළිබඳව සමගි ජන බලවේගය ඇතුළු සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂවලින් ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා වී තිබෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳවත් සාකාච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාතික එකඟතා පාලනය පිහිටුවීමට හැකියාව ඇත්තේ කාටද, ඒ කෙනාට අවශ්‍ය දායකත්වය ලබාදීමට අප සූදානම්”
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

ලසිත් මාලිංග හා ක්‍රිකට් ආයතනය අතර තීරණාත්මක සාකච්ඡාවක්
පැය කිහිපයකට බිඳ වැටුණු YouTube යළි යථා තත්ත්වයට
IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රය සංශෝධනය කරයි
United Motors, ලාංකීය වෙළඳපොළට හඳුන්වාදුන් ආසන 7කින් සමන්විත MITSUBISHI නවතම රථය
අද පස්වරු 1න් පස්සේ එළියට යද්දි බලාගෙනයි
දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී