හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12) අලුයම විදෙස් රටකට යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් එම අවස්ථාවේ ඔහුට දැඩි විරෝධයක් එල්ල වීම නිසා ගුවන් තොටුපොළෙන් යළි හැරී යාමට සිදුව තිබෙනවා.
මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම සලසා ගන්නා සේද මාවත මගී නිෂ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතුවලින් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉවත් වී තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස් කණුගල මහතා සඳහන් කළේ, සිය නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මත එම තීරණය ගෙන ඇති බවය.
ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු අදාළ රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව කේ.ඒ.ඒ.එස් කණුගල මහතා සඳහන් කළේය.
NEXT :

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි