Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රටින් පිටවීමට බැසිල් ගත් උත්සහය වරදී! නිළධාරීන්ගේ විරෝධය හමුවේ ආපසු හැරී යයි!(වීඩියෝ)

3 years ago 8.6 K

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12) අලුයම විදෙස් රටකට යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඔහුට දැඩි විරෝධයක් එල්ල වීම නිසා ගුවන් තොටුපොළෙන් යළි හැරී යාමට සිදුව තිබෙනවා.

මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම සලසා ගන්නා සේද මාවත මගී නිෂ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතුවලින් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉවත් වී තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස් කණුගල මහතා සඳහන් කළේ, සිය නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මත එම තීරණය ගෙන ඇති බවය.

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු අදාළ රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව කේ.ඒ.ඒ.එස් කණුගල මහතා සඳහන් කළේය.

NEXT :

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *