මේ මාසයේ අග වන විට එළවළු හිඟයක් උද්ගත වනු ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු පවසති.
මේ දිනවල එළවළු වගා කරන ලද ගොවීන්ගේ අස්වනු ආර්ථික මධ්‍යස්ථානවලට රැගෙන ඒම විශාල ලෙස අඩුවී ඇති බවත් මේ නිසා එළවළු මිල පසුගිය මාසයට සාපේක්ෂව විශාල ලෙස අඩුවී ඇති බවත් එම නිලධාරීහු කියති.
ආර්ථික මධ්‍යස්ථානවලට පිට පළාත් වලින් පැමිණි ලොරි ප්‍රමාණය ඊයේ (11) දිනයේදී ද අඩුවී තිබූ අතර ඉන්ධන ගැටලුව නිසා ගොවීන්ට සිය එළවළු තොග ආර්ථික මධ්‍යස්ථාන වලට රැගෙන ඒමේ අපහසු තත්ත්වයක් ද පැවතුණි.
එළවළු අස්වනු නෙළීමේ කටයුතු අගෝස්තු මාසයේ අගභාගයේ දී යළි සිදුවන බැවින් ඉදිරි දිනවල දී එළවළු හිඟය සේම මිල ගණන් ද විශාල ලෙස ඉහළ යනු ඇතැයි පැවසෙති.
කෙසේ වෙතත් මේ වනවිට ඇතැම් එළවළු වර්ග ග්‍රෑම් 500 ක් රුපියල් 150 ත් 200 ත් අතර සිල්ලර මිලකට අලෙවි කෙරේ. එළවළු ප්‍රවාහනය සඳහා විශාල වියදමක් දැරීමට සිදුවී තිබෙන බැවින් එළවළු සිල්ලර මිල ගණන් ඉහළ දැමීමට සිදුවී ඇතැයි සිල්ලර වෙළෙන්දෝ පවසති.

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි
පේරාදෙණිය රෝහල් ටෙන්ඩරයකට ලක්ෂ 20ක අල්ලස් ගත් ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙක් ගම්පොළදී අත්අඩංගුවට
දෙවිනුවර කාවඩි කණ්ඩායම්වල කිහිපදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟින් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද
විමල්ගේ සහෝදරයාට ඇප
රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප
අද සිට වැසි තත්ත්වයේ වෙනසක්
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතරට පත් වූ ශ්‍රී ලංකාව