දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයේ හුදකලාව පදිංචිව සිටි හතළිස් දෙහැවිරිදි අවිවාහක තරුණියක් සිය නිවසේ තනිව නිදා සිටියදී ගෙල ප්‍රදේශයට පිහියකින් ඇණ 12 වැනිදා රාත්‍රී කිසියම් පුද්ගලයකු විසින් ඝාතනය කර ඇති බව මීගහවත්ත පොලිසිය පවසනවා.
කඳුබොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක මෙම මරණකාරිය විසින් ඉදිකළ දෙමහල් නිවසක ඇය තනිව පදිංචිව සිට ඇත. ඊට ඉදිරිපිට නිවසේ පදිංචි ඇයගේ සහෝදරිය විසින් අක්කාගේ නිවසේ විදුලි ලාම්පු නොදැල්වෙන බැවින් හා ඇගේ දුරකථනයෙන් පිළිතුරු නොමැති නිසා සොයා බැලීමේදී නිවසේ උඩුමහලේ කාමරයේ නිදියහන මත සිය සොහොයුරිය ඝාතනය කර ඇති බව දැක තිබේ. මරණකාරියගේ සොහොයුරිය විසින් මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වූ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීනියක ලෙස රැකියාව කළ කඳුබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ලංකා ගනේෂි පනාපිටිය (42) නමැති අවිවාහක තරුණියකි.
ඇගේ ඝාතනය සම්බන්ධව එම ප්‍රදේශයට පිට ප්‍රදේශයකින් පැමිණ පොල් කඩන පුද්ගලයකු පිළිබඳව පොලිසියට තොරතුරු ලැබී ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට කඩිනමින් කටයුතු කරන බවව මීගහවත්ත පොලීසිය කියයි.
මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. ඒ. විමලරත්න, පොලිස් පරීක්ෂක දිසානායක, කැලණිය ස්ථානීය අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනාධීර, පොලිස් පරීක්ෂක ජයලත්, (88303) ශෙහාන් (88758) මනෝජ්, (88787) රාජපක්ෂ, (92325) ජයසිංහ (84475) පෙරේරා යන නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
උපුටා ගැනීම – දිවයින පුවත්පත
NEXT :

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට