ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තීරණය කර ඇති හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට සහය නොදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට පොදුජන
පෙරමුණේ නායකයන් තීරණයක් ගෙන ඇති බවයි.
මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එම තීරණයට පිටින් ගොස් ජනපති ධුරයට තරග කිරීමට තීරණය කළද පක්ෂය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි සාගර කාරියවසම් කියාසිටියේ.
ජනාධිපති ධූරය සඳහා ලබන සතියේ පාර්ලිමේන්තුවේ නාම යෝජනා කැඳවන අවස්ථාවේ තමන් ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට සූදානම් බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද(15) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
මේ අතර, වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයා බවට පත් කිරීම සදහා හිටපු ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් අද දින පාර්ලිමේන්තුවේ කැදවා තිබූ රැස්වීමේදී අතිබහුතරයක් දෙනා හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට සහාය පළ කිරීමට සූදානම් බව ප්‍රකාශ කොට තිබේ.
ඒ අනුව ඔවුන් පෙන්වා දී ඇත්තේ රනිල් යනු පොහොට්ටුවේ සාමාජිකයකු නොවන බවත්, ඩලස් අලහප්පෙරුම මහතා පොහොට්ටුවේ සාමාජිකයකු වන බැවින් ඔහුට සහාය පළ කළ යුතු බවත්ය.
ඒ අනුව එම රැස්වීම වාද විවාද මැද කිසිදු අවසන් තීන්දුවකින් තොරව අවසන් වී ඇති බව දැනගන්නට ඇත.
PREVIOUS : ඉදිරියේදී රට වසා දැමීමේ අවදානමක් – මහ බැංකු අධිපති

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්