ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තීරණය කර ඇති හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට සහය නොදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට පොදුජන
පෙරමුණේ නායකයන් තීරණයක් ගෙන ඇති බවයි.
මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එම තීරණයට පිටින් ගොස් ජනපති ධුරයට තරග කිරීමට තීරණය කළද පක්ෂය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි සාගර කාරියවසම් කියාසිටියේ.
ජනාධිපති ධූරය සඳහා ලබන සතියේ පාර්ලිමේන්තුවේ නාම යෝජනා කැඳවන අවස්ථාවේ තමන් ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට සූදානම් බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද(15) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
මේ අතර, වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයා බවට පත් කිරීම සදහා හිටපු ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් අද දින පාර්ලිමේන්තුවේ කැදවා තිබූ රැස්වීමේදී අතිබහුතරයක් දෙනා හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට සහාය පළ කිරීමට සූදානම් බව ප්‍රකාශ කොට තිබේ.
ඒ අනුව ඔවුන් පෙන්වා දී ඇත්තේ රනිල් යනු පොහොට්ටුවේ සාමාජිකයකු නොවන බවත්, ඩලස් අලහප්පෙරුම මහතා පොහොට්ටුවේ සාමාජිකයකු වන බැවින් ඔහුට සහාය පළ කළ යුතු බවත්ය.
ඒ අනුව එම රැස්වීම වාද විවාද මැද කිසිදු අවසන් තීන්දුවකින් තොරව අවසන් වී ඇති බව දැනගන්නට ඇත.
PREVIOUS : ඉදිරියේදී රට වසා දැමීමේ අවදානමක් – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි