වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඉකුත් 09 දින රාත්‍රියේ ගිනි තබා හානි කිරීමට මුල්ව , අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පුතකු රටින් පලාගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුතා ඉකුත් (10) දින රාත්‍රියේ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
පලාගිය සැකකරුගේ පියා මහින්ද රාජපක්ෂ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු බවත්, පසුව ඔහු එම පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක්ව ඇති අතර, දැනට ඔහු කොළඹට ආසන්න ප්‍රදේශයක ආසන සංවිධායකවරයකු වශයෙක් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
අරගලකරුවන් ඉකුත් (9) දින ජනාධිපති මන්දිය අත්පත්කර ගැනීමෙන් පසු මෙම දේශපානඥයාගේ පුතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ආසන්නයට ගොස් “අපි ජනාධිපති මන්දිරය වැටලුවා සේම රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට වැටලීමට යන බවත්, රට වටින් පිරිසට ඒ සදහා පැමිණෙන ලෙසටත්,” දන්වා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හැරිමින් ඉල්ලා සිටි ඇති අතර, රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටලා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලිපිය අතට ලබාගන්නා තෙක් එම නිවසින් පිටව නොයන බවට ද ඔහු වීඩියෝව හරහා ඉල්ලීම් කර තිබුණි.
මේ සදහා ආධාර අනුබල ලබා දෙමින් මෙම වීඩියෝ පටය එහි සිට පටිගත කළ කාන්තාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත්, එම කාන්තාව අවස්ථා කිහිපයක් ම කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක අරගලවල නිරත සිටි දේශපාලනඥවරියක් සමග සම්බන්ධවෙමින් ඇය සමග අරගල වන නිරත වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සිදුවීම්වලට අදාල සියලු වීඩියෝ සහ ඡායාරූප රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන විමර්ශන ආරම්භ කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මර්ග කියයි.
-ලංකාදීප-
PREVIOUS : විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට