අද (18) උදෑසන ගාල්ල – මාගාල්ල අනුලාදේවී බාලිකා විද්‍යාලය අසළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක ආලෝක සංඥා නොතකමින් ධාවනය කළ මෝටර් රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් ගැබිනි කාන්තාවක්, කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 6 දෙනෙක් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මංගල උත්සවයකට සහභාගි වී නැවත එමින් සිටිය දී මෝටර් රථයේ සිටි පිරිස මෙම අනතුරට මුහුණදී ඇති බවයි සඳහන් වන්නේ.