Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඔබේ දරුවා ගැන අවධානයෙන් සිටින්න! පොලිසියෙන් කළ විශේෂ අනාවරණය මෙන්න!

1 year ago

ශ්‍රී ලංකාව ඇතුලු මුළු ලෝකයම ඊයේ (08) ජගත් කාන්තා දිනය සමරද්දී මෙරට පාසල් යන වයසේ පසුවන දැරියන්ගේ, ගැබ් ගැනීම් සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුවන ළමා අපයෝජන හා අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් හේතුවෙන් සිදු වන ළමා ගැබ් ගැනීම් ප්‍රමාණය, සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බවටයි එම වාර්තාව අනාවරණ කරන්නේ.

අදාළ වාර්තාවේ දත්තවලට අනුව 2023 වසරේදී පාසල් යන වයසේ පසුවන ගැහැනු ළමයින් 167 දෙනෙකු ගැබ් ගෙන ඇති අතර, 2024 වසරේදී වාර්තා වන ළමා ගැබ් ගැනීම් ප්‍රමාණය 213ක්.

පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පෙන්වා දෙන්නේ, 2024 වසරේදී වාර්තා වූ ළමා මව්වරුන් අතර වයස අවුරුදු 10ක දැරියක්ද සිටින බවයි.

මේ අතර 1989 වසරේ නොවැම්බර් මස 20 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරන ලද ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18ට අඩු සියලු දෙනා දරුවන් ලෙස සැළකෙනවා.

මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ 363 (ඉ) වගන්තියට අනුව, ස්ත්‍රීය වයස අවුරුදු 16ට අඩු තැනැත්තියක නම් “කැමැත්ත “ යන්න අදාළ නොවන නිසා, එවැනි තැනැත්තියක සමග ලිංගික සබදතා පැවැත්වීම “ දූෂණයක් “ හෙවත් “ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් “ ලෙසයි සැළකෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *