නිවස ඉදිරිපිට මිදුලේ පාපැදියක් පදිමින් සිටි හත් හැවිරිදි දැරියක ඇඟමතින් මෝටර් රථයක් ගමන් කිරීමෙන් බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මොරගහහෙන මිල්ලෑව පොල්වත්ත පදිංචිව සිටි දිනිති සත්සරණි ජෑන්ස් නැමැති දැරියයි.
නිවසට මදක් ඈතින් තිබෙන තරමක කන්දක් සහිත අතුරු මාර්ගයේ සිට අධික වේගයෙන් පැමිණ තිබූ මෝටර් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව දැරිය පදිංචි නිවසේ ගේට්ටුව ද කඩාගෙන මිදුලට කඩා වැදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථය මිදුලට කඩා වැදීමත් සමගම දැරිය පදිමින් සිටි පාපැදියේ ගැටී එයත් සමග ඉදිරියට ඇදී ගොස් නිවස පිටුපස දක්වා අධික වේගයෙන් ගොස් මෝටර් රථය නැවතී ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථය එලෙස අධික වේගයෙන් ගමන් කරද්දී නිවසේ බිත්තියක ගැටී කුහරයක් සෑදී ඇතැයි පොලිසිය කියයි.
අනතුරින බරපතළ තුවාල ලද දැරිය හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබී ඇතැයි පොලිසිය කියයි.
විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්