බ්‍රෑන්ඩ් නිව් වාහනයක් හිමි කර ගැනීමේ පොදු ජන සිහිනය සැබෑ කරමින් සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටි බ්‍රෑන්ඩ් නිව් බජාජ් පෙට්‍රල් ත්‍රිරෝද රථය වසර 05ක නිහැඩියාවකින් පසු ශ්‍රී ලංකාවට නැවතත් හදුන්වාදී ඇති බව ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් පසුගියදා නිවේදනය කළේය.
නව බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය එළිදැක්වීම පසුගියදා බත්තරමුල්ලේ පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් ප්‍රධාන කර්යාලයේදී සිදු කෙරුණි.
ශ්‍රී ලංකා ප්‍රවාහන ක්ෂේත්‍රයේ දශක ගණනක නොමැකෙන සේවයක් තහවුරු කළ බජාජ් ත්‍රිරෝද රථය අද වන විට මෙරට ගම් දනව් සිසාරා ජනතාවගේ ජීවිතවල එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට සහාය දෙන ප්‍රමුඛයා බවට පත්වී ඇත.
විශේෂයෙන් කොළඹින් පිට පළාත්වල 80%ක් පමණ විසිරී ඇති බජාජ් ත්‍රිරෝද රථය පොදු ප්‍රවාහන සේවා නොමැති ග්‍රාමීය ප්‍රදේශවල කැපී පෙනෙන මෙහෙයක් ඉටු කරනු ලබයි. නාගරික ප්‍රදේශවල පවා රාත්‍රි කාලයේදී පොදු ප්‍රවාහන සේවා නොමැති වූ විට ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ එකම මාධ්‍යය වන්නේ ත්‍රිරෝද රථයයි. ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ජීවිත හා බැදී ඇති ත්‍රිරෝද රථය ගමේ ගැබිණි මව ඇතුළු රෝගීන් රෝහලට ගෙන යන ගිලන් රථය ලෙස කටයුතු කරයි. තවද ග්‍රාමීය ප්‍රදේශවල ඇති සමහර පටු මාර්ගවල ගමන් කළ හැකි එකම වාහනය ලෙස ගොවීන්ගේ අස්වැන්න වෙළෙද පොළට ගෙනයන වාහනය වන්නේ ත්‍රිරෝද රථයයි. සාමාන්‍ය භාවිතයට අමතරව ස්වයං රැකියාවල නිරත වන තරුණ ව්‍යවසායකයින්ගේ මෙන්ම විශේෂයෙන් කාන්තා ප්‍රජාවගේ නිෂ්පාදන බෙදා හරින වාහනය ලෙස ත්‍රිරෝද රථය කැපී පෙනෙන මෙහෙයක් ඉටු කරනු ලබයි. මේ සියලු කරුණු හරහා ශ්‍රී ලංකාවේ ලක්ෂ 50ක ජනතාවක් සෘජුව හා වක්‍රව ත්‍රිරෝද රථයෙන් යැපෙන අතර මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දක්වයි.
සියලු දේ අලුත් වී ඇති බජාජ් බ්‍රෑන්ඩ් නිව් ත්‍රිරෝද රථය වැඩි දියුණු කළ අංග හරහා බලයෙන් වැඩි අතර සුපිරි ක්‍රියාකාරිත්වයක් මෙන්ම කාර්යක්ෂමතාවකින් යුක්ත වේ. 236.2cc එන්ජිමකින් සමන්විත වන නව බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය නවීනතම BS6 වායු විමෝචන තත්ත්වයන්ට අනුකූලව අඩු විමෝචනයක් සිදු කරන අතර ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ ගොස් ඇත. වැඩි දියුණු කළ ඩෑෂ්බෝඩ් පහසුකම පෞද්ගලිකව සහ වාණිජ වශයෙන් මෙම වාහනය භාවිත කරන්නන්ට පහසුව සහ අභිමානවත් පෙනුම තහවුරු කරයි.
යළි බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථ ශ්‍රී ලංකාවට හදුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නාලක කුමාරසිංහ මහතා මෙසේ පැවසුවේය. “පසුයිය වසර පහ මුළුල්ලේ මෙරට ජනතාව බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථ මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියා. දැන් ඒ ජනතාවගේ සිහිනය සැබෑ වෙලා තියෙනවා. මේ වන විටත් අපිට දහස් ගණනක් ප්‍රතිචාර ලැබී තිබෙනවා වගේම ඒ නිසාම අලුත් ත්‍රිරෝද රථයට ඇති ඉල්ලුමද වැඩි වෙලා තිබෙනවා.”
නව බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය රතු සහ කොළ වර්ණයන්ගෙන් රු. 1,690,678 + VAT මිලකට දැන් ලබාගැනීමේ හැකියාව ඇත. නව ත්‍රිරෝද රථය නවීනතම අංගෝපාංගයන්ගේ සහ ඉහළ තත්තවයේ එකතුවක් වන අතර මේ සියලු කාරණා හරහා බජාජ් ත්‍රිරෝද රථයේ සුපුරුදු පැවැත්ම තහවුරු කර ඇත.
බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය යළි හදුන්වාදීම හරහා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි මෙරට ජනතාව තවදුරටත් සවිබලගන්වමින් ගමනාගමනයට දක්වන දායකත්වය යළි යළිත් තහවුරු කර ඇත. ප්‍රවාහන මාධ්‍යය හෝ ජීවනෝපාය මාර්ගය ලෙස බජාජ් ත්‍රිරෝද රථය මෙරට බහුතර ජනතාවට දරාගත හැකි වාහනය මෙන්ම විශ්වසනීය ප්‍රවාහන විසදුම ලෙස සැමදා සේවය කරනු ඇත.
දශක හතරක් මුළුල්ලේ මෙරට ජනතාවට දරාගත හැකි මිලට විශ්වාසදායී ප්‍රවාහන විසදුම් සපයමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් මෙරට ප්‍රමුඛතම මෝටර් සමාගම බවට පත්වී ඇත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි හැම විටම මෙරට ජනතාවට උසස් තත්ත්වයෙන් යුතු නව්‍යකරණයෙන් යුතු ප්‍රවාහන මාධ්‍යය සපයමින් ප්‍රජාව සවිබලගැන්වීමට ඇප කැපවී සිටී.
ඔබගේ නවතම බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය වෙන් කරවා ගැනීමට හෝ වැඩි විස්තර දැන ගැනීමට 0114700600 අමතන්න.


