හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවී යාමත් සහ ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පැතිරයන ප්‍රකාශයන් අසා පුද්ගලයකු වත්තල හුණුපිටිය ප්‍රදේශයේ දී දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.
පසුගිය 25වැනි දා මෙලෙස සිය දිවි නසාගෙන ඇත්තේ වයස අවුරුදු 80ක් වන කිරිබත්ගොඩ
මායා මාවත ප්‍රදේශයේ පදිංචි අයෙක්.
සිය දිවි හානිකර ගත් තැනැත්තා එදින ධාවනය වෙමින් තිබූ කොළඹ මීරිගම මන්දගාමී දුම්රියට පැන මෙලෙස සිය දිවි හානි කරගෙන තිබෙනවා.
කෙසේ නමුත් සිය දිවි හානි කර ගත් තැනැත්තාගේ මරණ පරීක්ෂණය කළ රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂක වෙතට, මියගිය තැනැත්තාගේ දියණිය ප්‍රකාශයක් ලබාදෙමින් කියා ඇත්තේ තම පියා දිවිනසා ගැනීමට පෙර ඔහු විසින් ලිපියක් ද ලියා ඇති බවයි.
අදාළ ලිපිය රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂක වෙත ඉදිරිපත් කර ඇති අතර එම ලිපිය මගින් ඔහු තම ඥාතීන්ගෙන් ඉල්ලා ඇත්තේ, කිසිදු ස්වාමීන් වහන්සේ නමක් තමාගේ අවසන් කටයුතුවලට සහභාගිකර නොගන්නා ලෙසත් සහ විශ්වවිද්‍යාලයට යන චීවරධාරීන් නිවසට වද්දා
නො ගන්නා ලෙසයි.
එසේ ම අදාළ ලිපිය මගින් ඔහු, තමාගේ අවසන් කටයුතු රජයේ වියදමින් කරන ලෙසට නියෝගයක්
ලබාදෙන්නැයි ගරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
කෙසේ නමුත් දියණියගේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ දී ඇය පවසා ඇත්තේ, සිය පියා හිටපු
ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යාම සම්බන්ධයෙන් දැඩි දුකින් කාලය ගත කර ඇති
බවයි.
එසේම විදෙස් රටක දී හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන බවට පළවන පුවත් සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස කම්පා වී සිට ඇති බවත් දියණිය විසින් මරණ
පරීක්ෂකවරයාට විස්තර කර තිබෙනවා.
NEXT : පොහොට්ටු මන්ත්‍රීනියට කුණු බිත්තර ප්‍රහාරයක්

“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා
එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ආරංචියක්
රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නේ ජනතාව නෙවෙයි – ලාල් කාන්ත
Google වෙතින් විප්ලවීය වෙනසක්! Passwords අමතක වුණත් භය වෙන්න ඕන නෑ!
ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි