පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නැවතරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
චෝදනා තුනක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාමර සම්පත් දසනායක අද (27) අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර, ඉන් පළමු චෝදනා දෙක සඳහා ඔහුට අද දවස තුළදීම ඇප හිමි වුවත්, තෙවැනි චෝදනාවට අදාළව ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව චාමර සම්පත් දසනායක අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන්නේ.