සුනඛයෙකු දඩයම් කිරිම සදහා ලුහුබැද පැමිණි කදුකර කොටියකු වතු නිවසක වහල මතට පනින අවස්තාවේ නිවසේ වහල කඩාගෙන නිවසේ නිදන කාමරයට කොටියා වැටි නිවස තුළ කොටු වි ඇති බව ලිදුල පොලිසිය පවසයි.
ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වතු යායේ වතු නිවසකට (04) දින රාත්‍රි 10 ට පමණ කදුකර කොටියා වැටි ඇත.
කදුකර කොටියා නිවස තුළට වැටෙනවාත් සමග නිවසේ පදිංචිකරුවන් කලබල වි නිවසේ දොර වසා දමා එළියට දිවගොස් දිවිබේරාගෙන ඇත.
නිවාස හිමියා වන එස්.සුරේෂ් මෙසේ කියා සිටියේය.
මා රූපවාහිනිය නරඹමින් සිටියදී ඊයේ රාත්‍රි 10.40 ට පමණ එකවරම විදුලිය විසන්ධි වුණා. එම අවස්තාවේ දැඩි අයහපත් කාලගුණයක් පැවැතුණේ, එකවරම විශාල ශබ්දයක් ඇසුණා, පසුව ගොස් පරික්ෂා කිරිමේදි කොටියකු තමන් ගෙල දෙසට පැන්නා. එම අවස්තාවේ කොටියාගෙන් මිදි බිරිය සහ දරුවා රැගෙන නිවසේ දොර වසා එළියට පැමිණි දිවිබේරා ගත් බවයි.
රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා එම ස්ථානයට පැමිණි නිවස තුල පැය 16 ක් කලබලකාරි ලෙස හැසිරෙමින් සිටි කදුකර කොටියා දැඩි පරිශ්‍රමයක් දරා නිර්වින්දනය කර අල්ලා ආරක්ෂිත කුඩුවක දමා රැගෙන යන ලදි.
ලෝගි වතුයායේ තේ වත්තේ සැරිසරන කදුකර කොටින් රාත්‍රි කාලයේ ගොදුරු සොයා වතු නිවාසවලට පැමිණෙන බවත්, එසේ පැමිණි කදුකර කොටියකු වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයකු ගොදුර කර ගැනිම සදහා පැමිණි අවස්ථාවේ මෙම අනතුරට පත් වි ඇති බවයි ලිදුලි පොලිසිය සැකකරයි.
නිර්වින්දනය කර අල්ලා ගත් කදුකර කොටියා සුදුසු පරිසරයකට මුදා හැරිමට කටයුතු කරන බවයි නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.





වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය
ජනපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක්
මගේ පුතාට තියෙන චෝදනාවලට කිසිම සාක්ෂියක් නැහැ – ශාන්ත බණ්ඩාර
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර
අග්රභාර රක්ෂණ භාර අරමුදලෙන් නිවේදනයක්
RMV හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු ඉසව්වේ අවසන් තරගයට
රන් මිලෙහි ක්ෂණික ඉහළ යාමක්
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි