සිය වැඩිමල් සොයුරිය වෙනුවෙන් නැගණියක් සිදුකල උතුම් කටයුත්තක් වෙනුවෙන් ඇය විසින් තැබූ සංවේදී සටහනක් මේ …
හරියටම අවුරුදු 35 ක් . හෙට දවසට .(අගෝස්තු 08 ).මගේ ආදරණීය අක්කාට ..
මාස නමයෙදි එයාට එන්නතක් දීපු දවසක රාත්‍රි අක්කාට ගොඩාක් අමාරුවෙලා අම්මයි තාත්තා යි එයාව අරන් දුවනවා වෛද්‍යවරයෙක් හොයාගෙන .
ඇත්තටම ඒ කාලය රාත්‍රියක වෛද්‍යවරයෙක් හොයාගන්න බැරි තරම් අමාරු කාලයක්ලු ඒ.. 1988 මැයි මාසෙ ..1988 කිව්වම වැඩිහිටියන් ට අමුතුවෙන් කියන්න ඕනේ නෑ කියලා අම්මා තමයි මට කියලා තියෙන්නේ ..මම ඉපදෙන්නේ ඊට අවුරුදු 07 ක පස්සේ ..මම අක්කා ට වඩා අවුරුදු 08 ක් බාලයි.ඒක අමතර කතාවක් .
එදා අන්තිමට වෛද්‍යවරයෙක් මුණගැහිලා එයාට අක්කා පෙන්වපුවාම ඒ ඩොක්ටර් කිව්ව ලු පැයක් ඇතුලත දරුවා කොළඹ හරි නුවර හරි ගෙනියන්න .දරුවා ට ගොඩාක් අමාරුයි කියලා .ඉතින් තාත්තා ඊළගට වාහනයක් හොයන්න දුවනවා පිස්සුවෙන් වගේ දහ අතේ..රාත්‍රි දොළහයි ලු වෙලාව..කිසිම කෙනෙක් දොරක් අරින්න නැති වෙලාවක් ලු ඒ කාලෙ..දොරට ගැහුවොත් බය වෙන කාලයක්ලු.
අවසානයේ මුස්ලිම් ජාතික මාමා කෙනෙක් ඒ වෙලාවෙ පිහිට වුනාලු ඉක්මනින් වාහනේ අරන් ඇවිත් යමු මහත්තයා කොළඹ යන්න වෙලාව මදි අපි පුලුවන් ඉක්මනින් නුවර යමු කියලා .
ඒ දවස් වල අම්මා යි තාත්තා යි ජීවත් වුනේ මාවනැල්ල හෙම්මාතගම නගරගිරි විදුහලේ ගුරු නිවාසේ..අක්කා ඉපදෙන්න එහෙදි..ඒ 1987 අගෝස්තු .08 වෙනිදා..ඒත් ඒ දවසෙත් වෛද්‍යවරුන් වැඩ වර්ජනය කරලා හින්දා අම්මා ට අමාරු වෙලා හෙම්මාතගම නගරගිරි විදුහල ආසන්නයෙම ඉන්න වෛද්‍යවරයෙක් පිහිට වෙලා තමයි අක්කා ට උපත දීලා තිබුනේ …එහෙම ඉපදුන අක්කා හෙම්මාතගම නගරගිරි විදුහලේ ගුරු නිවාසේ හැමෝගෙම ආදරය දිනා ගනිමින් බෝනික්කියක් වගේ හැදෙනවා වැඩෙනවා .
අම්මා කියන විදියට අඩු තරමේ සෙම්ප්‍රතිශ්‍යාව වත් අක්කා ට හැදුනේ නැති ලු මාස නමය වෙනකම් .
නමුත් අක්කා මාස නමයෙදි අසනීප වෙනවා. ලස්සන බෝනික්කියෙක් වගේ ඉපදුන අක්කා මාස නමයෙ ඉදලා ස්නායු දුර්වල දරුවෙක් වෙනවා .එයාට මාස නමයෙදි ඒ ලබාගත්ත එන්නත එයාට ඇලජී වෙනවා…එයාට නිතරම ෆිට් එක හැදෙන්න ගන්නවා ..නිතර නිතරම හැදෙන්න ගන්නවා ..
අම්මා ගෙයි තාත්තා ගෙයි ජීවිතේ සුන්දරම කාලේ එයාල දෙන්නම කැප කරනවා අක්කා වෙනුවෙන් ..තාත්තා මුළු සේසතම වියදම් කරනවා අක්කා සනීප කර ගන්න ..අම්මා කියන්න බැරි තරම් දුක් විඳිනවා රෝහලේ මාස ගණන් තියාගෙන අක්කා සනීප කරගන්න …
කොයිතරම් මහන්සි වෙන්න ඇති ද කියලා ඇත්තටම මට තේරුම් ගියේ ගෙදර ඉන්නකොට නෙමෙයි ..
ඇත්තටම මට අම්මා යි තාත්තා යි අක්කා වෙනුවෙන් කොයිතරම් දේවල් පරිත්‍යාග කරලා තියෙනවා ද කියලා මට තේරුම් ගන්න පුලුවන් වුනේ එයාලගෙන් ඈත් වෙලා දුර රටකට ආවට පස්සේ ..
අක්කා වෙනුවෙන් ජීවිතේ ම කැප කරන මගේ දෙමව්පියන් දෙදෙනා මම වෙනුවෙන් ද කරන්නේ කියා දෙන්න තේරුම් නැති තරම් අපරිමිත කැප කිරීමක් …මට උසස් අධ්‍යාපනය ලබා දෙන්න , මට සුන්දර විවාහ ජීවිතය ක් ලබා දෙන්න එයාල මට දීලා තිබුනේ උපරිම නිදහසක්..ආදරයක්..කවදාවත් හිත රිදෙන්න දෙන්නෙ නැතුව මට ජීවිතේ අවබෝධයෙන් ගත කරන්න එයාලා මග කිව්වෙ හරියට මිතුරු මිතුරියන් වගේ ඉදන් ..මට මතක් වෙනවා මගේ ගොඩාක් යාලුවෝ හැම තිස්සෙම කිව්ව දෙයක් තමයි …උඹ නම් මාර වාසනාවන්තයි මේ වගේ දෙමව්පියන් ලබන්න කියන්න ..එයාලා ගැන වෙන වෙනම කියන්න තියෙන දේවල් ඇත්තටම පොතක් ලියන්න තරම් තියෙනවා …ඒකට මේ වෙලාව නෙමෙයි ..
හෙට අක්කා ගේ 35 වැනි උපන් දිනය ..අවුරුදු 35 ක් එකම ඉරියව්වකින් එකම සෙනෙහසකින් කිසිම සැපයක් බලාපොරොත්තු නොවී අක්කා වෙනුවෙන් ජීවිතය කැප කළ මගේ ආදරණීය අම්මා ට තාත්තා ට මට කරන්න පුලුවන් මොකද්ද කියලා මම ඈත ඉදන් කල්පනා කළා..අක්කා බලාපොරොත්තු වෙන තෑගි මට ලබා දෙන්න පුලුවන් ..ඒත් දෙමාපියන් ට දෙන්න පුලුවන් තෑග්ග මොකද්ද කියලා මම කල්පනා කළා…ඒ අප දෙදෙනා වෙනුවෙන් කළ උතුම් කැප කිරීම වෙනුවෙන් ..
ඔව් මම ඒක කරනවා ..අනිවාර්යයෙන්ම මට පුලුවන් විදියට ..
මම මගේ මහත්තයා ට මගේ අදහස කිව්ව .
එයා එක පයින්ම කැමති වෙලා මට කිව්වෙ
මාධී මම කොයිතරම් වාසනාවන්ත ද ඔයා වගේ කෙනෙක් ලබන්න කියලා ..
ඇත්තටම ඒ උතුම් ගුණයක් මගෙන් මගේ සැමියා දුටුවා නම් එයද මගේ දෙමව්පියන් ගෙන් ලැබුන උතුම් දයාදයන්..
මගේ අක්කා කොයිතරම් අසනීප තත්වේ හිටියත් …එයා උතුම් කෙනෙක් ..මම පොඩි කාලේ ඉදන් ම දැක්ක ඇහුවා ගමේ පන්සලේ හාමුදුරුවෝ පවා ඒක කියනවා නිතරම .
අක්කා හොඳට පිරිත් කියන්න දන්නවා ..ඇත්තටම අම්මා අපි දෙන්නාටම පුංචි කාලේ ඉදන් ලස්සනට බුදුන් වඳින්න ,පිරිත් කියන්න ..දාන මාන දෙන්න .නැති බැරි අයට උදව් කරන්න කියලා දුන්නා අවවාදයෙන් නෙමෙයි ..ආදර්ශයෙන්…නිතරම ඇය අපට ඒ ආදර්ශය දුන්නා …
අක්කා ට රෑට පිරිත් ඇහෙන්න ඕනෙ එළි වෙනකම් ..එහෙම නැත්නම් නින්ද යන්නෙ නෑ..එක එක කාලෙට විවිධ නාලිකා වල පිරිත් ඇහුවට අක්කා දැන් කාලෙක ඉදලා රාත්‍රි ධර්ම දේශනව අහලා ඒ එක්කම පිරිත් අහන්නේ
නෙත් fm ගුවන් විදුලියේ ..පොඩ්ඩක් වත් ඒක වෙනස් කරන්න දෙන්නෙ නෑ…
ධර්ම දේශනා යන වෙලාවට අක්කා අහනවා ලු අම්මා ගෙන් අම්මේ මගේ උපන් දිනයක් වෙනුවෙන් මේ වගේ බණක් කියන්නේ කවද්ද කියලා …අම්මා දවසක් මට කිව්ව හැටි මතක් වුනා..
ඇත්තටම ජීවිතේ ටිකක් දුෂ්කරයි ..අම්මා ට තාත්තා ට..අක්කා ගේ බෙහෙත් වලට තාත්තා අමතර මුදලක් හොයන්න ම ඕනේ..එයා කවදාවත් අක්කා ට දෙන්න ඕනේ එකම බෙහෙත් පෙත්තක් වත් අඩු කරලා නෑ….
ඉතින් අම්මා තාත්තා ට අක්කා ගේ මේ ආශාව කියන්න ගිහින් නෑ..මොකද තාත්තා කරන දේවල් හොදටම ඇති හින්දා …එයා කවදාවත් සත් පහක්වත් ණයක් වෙලා නෑ කියලා ජීවිතේ පුරාම සතුටින් ඉන්නේ ..ඒ සතුට නැති කරන්න අපි කාටවත් වුවමනා වුනේ නෑ…
අම්මා දැන් සියලු පන්ති පවා නතර කරලා සම්පූර්ණයෙන්ම අක්කා බලාගෙන ජීවිතය පිළිබඳව අවබෝධයෙන් දහමින් ගත කරන්න පුරුදු වෙලා….
ඉතින් මට පුලුවන් අම්මා තාත්තා වෙනුවෙන් දැන් අක්කා ගේ ආසාව ඉෂ්ට කරන්න …
ඒ අක්කා ගේ ආශාව …අක්කා නමින් ධර්ම දානයක් ලෝකයට ලබා දෙන්න මම තීරණය කළා…
අගෝස්තු 07 වැනි ඉරිදා රාත්‍රි 7.00 ට නෙත් fm ධර්ම දක්ෂිණාව සිත් නෙත් අසපුව ඔබ සියලු දෙනාටම ශ්‍රවණය කරන්න ආරාධනා කරනවා අක්කා වෙනුවෙන් ..ඇය ට සසරේ කිසිම ආත්මයක මෙවන් රෝගී තත්ත්වයක් ඇති නොවේවා !ප්‍රාර්ථනා කරන්න
ඒ වගෙම මගේ උතුම් ආදරණීය අම්මා ට තාත්තා ට නිදුක් නිරෝගී බවත් ප්‍රාර්ථනා කරන්න…
එවන් දෙමාපිය දෙදෙනෙකු වෙනුවෙන් මට මෙවන් පින්කමක් කරන්න උදව් කරන මගේ ස්වාමියා ගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන්නත් ඔහුගේ ආදරණීය දෙමව්පියන්ට නිදුක් නීරෝගී බව ලැබෙන්නටත්………මම මේ ධර්ම දානය උපකාර වේවා !!!
අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ විසින් අගොස්තු 07 ඉරිදා රාත්‍රි 7.00 නෙත් fm රේඩියෝ වේ පවත්වන ධර්ම දක්ෂිණාව ඔබ සියලු දෙනාටම ශ්‍රවණය කරන්න ගෞරවනීයව ආරාධනා කරනවා යලි යලිත් …
අපගේදෙමව්පියන් ට මෙන්ම අපගේ සියලු ගුරු මෑණිවරුන්ට පියවරුන් ට කළ්‍යාණ මිතුරු මිතුරියන් ට නෑදෑයන් ට උපන් ගම් බිම් වල සියලු දෙනාටම …මබ්බිමේ සියලු ජනතාවට සියලු යහපත උදාවේවා ප්‍රාර්ථනා කරනවා …
source – neth gossip