Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජකාරිය අතරතුර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මියයෑමේ පුවත ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

2 years ago

සිරි දළදා වන්දනා රාජකාරි අතරතුර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ප්‍රවෘත්තියේ සත්‍යතාවයක් නොමැති බව මහනුවර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීහු පවසති.

මෙලෙස මියගොස් තිබුණේ මාතලේ සහ කඩුගන්නාව යන පොලිස් ස්ථානයන්ට අනුයුක්තව සේවය කරමින් සිටි නිලධාරීන් දෙදෙනෙකුයි.

ඔවුන් ඍජුව සිරි දළදා වන්දනා රාජකාරීවලට සම්බන්ධ වූ නිලධාරීන් නොවන බවත් අදාළ නිලධාරීන් දෙදෙනා රථවාහන රාජකාරී හැසිරවීම් කටයුතුවල නිරතව සිට ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.

කෙසේවෙතත් දළදා මාළිගා පරිශ්‍රයේ සහ ඒ අවට රාජකාරී කටයුතුවල නිරතව සිටින පොලිස් නිලධාරීන් සිරි දළදා වන්දනා රාජකාරීවලට අනුයුක්ත විශේෂ නිලධාරීන් වන බව පොලීසිය සඳහන් කළේය.

අදාළ නිලධාරීන් සඳහා සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන රථවාහන හැසිරවීමේ නිලධාරීන් ලෙස අදාළ ප්‍රදේශවලම සේවය කළ නිලධාරීන් බව ද මහනුවර ප්‍රදේශය භාර උසස් නිලධාරීහූ පවසති.

‍ශ්‍රී ලංකා පොලිස් සමාජ මාධ්‍ය පිටුවේ තබා තිබූ සටහනක් උපුටා දක්වමින් ‘සිරි දළදා වන්දනාවේ’ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට පුවතක් මින් පෙර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *