Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයේ සේවකයින් සේවයට කැඳවන ආකාරයේ වෙනසක් සිදුකිරීමේ සූදානමක්

2 years ago 10.4 K

රාජ්‍ය සේවකයින් සතියේ දින 5 ම සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ. ඉන්ධන හිඟය හේතුවෙන් හටගත් අර්බුදකාරී වාතාවරණය හමුවේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කර තිබුණි.

කෙසේවෙතත් රට තුළ ඉන්ධන අර්බුදය යම් ප්‍රමාණයකට සමනය වී පොදු සේවාවන් ක්‍රියාත්මක වන බැවින් මහජනතාව රජයේ කාර්යාල වෙත සේවාවන් ලබාගැනීම සඳහා සතියේ වැඩ කරන සෑම දිනකම සාමාන්‍ය පරිදි පැමිණෙන බව නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මතුව ඇති බැවින් සිදුවන ප්‍රමාදයන් අවම කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයින් සතියේ දින පහේම සේවයට කැඳවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවය වාර්තා වේ.

රට තුළ උද්ගත වූ ඉන්ධන අර්බුදය හමුවේ පසුගිය ජූලි මස 24 වනදා සිට මාසයක කාලයක් රජයේ සේවකයින් සේවයට කැඳවීම සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබීය.

ඒ අනුව, අදාළ කාල සීමාව අවසන් වීමෙන් අනතුරුව රට තුළ පවතින තත්ත්වය සලකාබලා රාජ්‍ය සේවකයින් සතියේ දින පහේම සේවයට කැඳවීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *