2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් ඉදිරිපත් වී සමත් වූ වයස අවුරුදු 14ක් වන දරුවෙකු පිළිබදව වාර්තා වෙනවා.
දෙවුම් සනහස් රණසිංහ නම් මෙම දරුවා වාණිජ අංශයෙන් B 3ක් ලබා ගෙන තිබෙනවා.
රට තුල පැවතුනු කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ ඔහු ව්‍යාපාර අධ්‍යයනය , ගිණුම්කරණය සදහා අමතර පංතිවලට සහභාගී වුවද ආර්ථික විද්‍යාව විෂය ඔන්ලයින් අධ්‍යාපනයෙන් ආවරණය කරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
දෙවුම් සනහස් මාස 5ක් වැනි කෙටි කාලයක් තුල විභාගයට සුදානම් වී ඇති අතර ඔහු මිට පෙරද දෙමවුපිය මග පෙන්වීම යටතේ 2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී A 5ක් , B 2ක් සහ එක් C සාමාර්ථයක් ලබාගෙන තිබුණා.
දෙවුම් සාමාන්‍ය පෙළ සඳහා මුහුණ දෙනවිට 08වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇති අතර මාස 7ක් වැනි කාලයක් තුල විභාගයට සුදානම් වී තිබෙනවා.
දැනට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවී ඇති ඔහුගේ අනාගත බලාපොරොතුව වන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ නීතිඥයෙකු වීම බවයි ඔහු පවසන්නේ.