
උපරිම සිල්ලර මිල ඉක්මවා සුදු බිත්තර 4ක් රුපියල් 260ක මිලකට අලෙවි කළ වෙළෙන්දෙකුට අද (31) රුපියල් ලක්ෂ 5ක දඩයක් පැනවීමට බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය කටයුතු කළාය.
බලන්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතිය මගින් පාලනය වන කෝප් සිටි වෙළෙඳ ආයතනය වෙත එම දඩ මුදල පනවා තිබේ.
ඉකුත් 19 වනදා පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අනුව සුදු බිත්තරයක් විකිණීමට හැකි උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් ලෙස දක්වා ඇත.
රත්නපුර පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පසුගියදා බලන්ගොඩ නගරයේ සිදු කළ විශේෂ වැටලීමකදී සැලේ බිත්තර උපාය දූතයෙකු මාර්ගයෙන් එම වෙළෙඳ මිලදීගෙන තිබෙන අතර එක් බිත්තරයක් රුපියල් 65 බැගින් අලෙවි කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ සැලේ හිමිකරු අධිකරණයේදී වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඩය පනවා තිබුණි.
රත්නපුර පාරිභෝගික කටයුතු අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම මහතාගේ උපදෙස් පරිදි වැටලීම්වලට අදාළ විමර්ශන කටයුතු සිදු කර තිබුණි.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු