උපරිම සිල්ලර මිල ඉක්මවා සුදු බිත්තර 4ක් රුපියල් 260ක මිලකට අලෙවි කළ වෙළෙන්දෙකුට අද (31) රුපියල් ලක්ෂ 5ක දඩයක් පැනවීමට බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය කටයුතු කළාය.
බලන්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතිය මගින් පාලනය වන කෝප් සිටි වෙළෙඳ ආයතනය වෙත එම දඩ මුදල පනවා තිබේ.
ඉකුත් 19 වනදා පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අනුව සුදු බිත්තරයක් විකිණීමට හැකි උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් ලෙස දක්වා ඇත.
රත්නපුර පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පසුගියදා බලන්ගොඩ නගරයේ සිදු කළ විශේෂ වැටලීමකදී සැලේ බිත්තර උපාය දූතයෙකු මාර්ගයෙන් එම වෙළෙඳ මිලදීගෙන තිබෙන අතර එක් බිත්තරයක් රුපියල් 65 බැගින් අලෙවි කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ සැලේ හිමිකරු අධිකරණයේදී වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඩය පනවා තිබුණි.
රත්නපුර පාරිභෝගික කටයුතු අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම මහතාගේ උපදෙස් පරිදි වැටලීම්වලට අදාළ විමර්ශන කටයුතු සිදු කර තිබුණි.