Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුපියල් සීයක් නොදුන්නාට උරණ වූ ඥාතී සීයා 8 හැවිරිදි දරුවාට පිහි පහර එල්ල කරයි! දරුවාට පැය 07ක ශල්‍යකර්මයක්!

2 years ago 1.7 K

රුපියල් 100ක් අතැතිව වෙළෙඳසැලකට ගිය සත් හැවිරිදි පුංචි දරුවෙකුට කිසියම් පුද්ලයෙකු තියුණු ආයුධයකින් කොටා දරුණු කැපුම් තුවාල සිදුකිරීමේ පුවතක් අද (01) වාර්තා වුණි.

ඒ බදුල්ල කන්දකැටිය වෙන්දේසියාය ප්‍රදේශයෙනි.

බරපතළ කැපුම් තුවාල ලබා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කළ දරුවා බේරා ගැණුනේ පැය 7ක ශල්‍ය කර්මයකින් අනතුරුවය.

අදාළ දරුවා රුපියල් 100ක් අතැතිව ඊයේ (31) පස්වරු 6ට පමණ වෙළෙඳසැලකට ගොස් තිබුණි.

ඒ පියාට ජංගම දුරකථන කාඩ්පතක් මිලදී ගැනීම සඳහාය. එම අවස්ථාවේදී කිසියම් පුද්ලයෙකු විසින් දරුවාට තියුණු ආයුධයකින් පහරදී තිබුණි.

දරුවා අතැතිව තිබූ රුපියල් 100 ඉල්ලා එම පුද්ගලයා දරුවාට ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි සැක කරන්නේ.

කෙසේවෙතත්, මේ අවාසනාවන්ත සිද්ධියෙන් උරහිස් දෙකට සිදුවූ දරුණු කැපුම් තුවාල හේතුවෙන් දරුවා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කෙරුණි.

වහාම උත්සුක වූ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය දරුවාගේ ජීවිතය බේරාගැනීම සඳහා ශල්‍යකර්මයක් සිදුකළේය.

බදුල්ල පළාත් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ, පැය 7ක පමණ සාර්ථක සැත්කමකින් පසු දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන කන්දෙකැටිය පොලීසිය පැවසුවේ, දරුවා ට මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ ඔහුගේ ඥාතී සීයා කෙනෙකු බවය.

වයස අවුරුදු 50ක් පමණ වන මොහු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවට තොරතුරු ලැබී ඇති බවත් කන්දෙකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේය.

එම පුද්ගලයා පසුගිය දින කිහිපය පුරාම කැත්තක් සහිතව එම ප්‍රදේශයේ සැරිසරා ඇති බවත් ඔහු දරුවාට ප්‍රහාරය එල්ල කරන්නට ඇත්තේ, එම කැත්තෙන් බවටත් පොලීසිය සැක පළ කෙරේ.

දරුවා අතැතිව තිබූ රුපියල් 100ක මුදල වෙළෙඳසැළ අසල බිම වැටී තිබී පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ, මේ වන විට කැලෑ ප්‍රදේශයකට ඇතුළුවී ඇති සැකකරු සොයා පරීක්ෂණ පවත්වන බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *