මීටර් සවිකර ඇති ත්‍රීරෝද රථ සඳහා දැනට ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට අවධානය යොමුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
මීටර් සවිකර ඇති සහ මිල ප්‍රදර්ශනය කර සාධාරණ ගාස්තු අයකරන පිරිස් සඳහා මෙලෙස ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
වැඩි කරන ලද ඉන්ධන කෝටාව තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් ලබාගැනීමටත් සාමාන්‍ය ලෙස ලැබෙන ලීටර් 5ක ඉන්ධන කෝටාව ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ලබාගැනීමටත් හැකි ලෙස නව වැඩපිළිවෙල හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා පැවසීය.