රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමට අදාළ සංශෝධන ඇතුළත් කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙත යොමුකර තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ, පසුගිය සිකුරාදා දිනයේ දී අදාළ සංශෝධන ඇතුළත් සංදේශය මෙලෙස යොමුකිරීමට පියවර ගත් බවය.
ඒ අනුව අද (12) දිනයේ හෝ එළඹෙන අමාත්‍ය මණ්ඩලයේ දී එය සාකච්ඡාවට ගනු ඇති බවද එම අමාත්‍යංශය සඳහන් කළේය.
වයස අවුරුදු 65ක්ව පැවති රාජ්‍ය සේවයකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස පසුගියදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය තුළින් අවුරුදු 60 දක්වා අඩු කරනු ලැබීය.
කෙසේවෙතත් වෛද්‍ය, හෙද, සහ ඉංජිනේරුවරුන් හැර අනෙකුත් වයස අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවකයින් මෙම වසරේ දෙසැම්බර් මස 31 වන දිනෙන් විශ්‍රාම ගත යුතු බව එහිදී යෝජනා කෙරුණි.
මීට අදාළ චක්‍රලේඛය ඉදිරි සති දෙක තුළදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කෙරෙනු ඇත.
මේ අතර විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව අවම කිරීම හරහා මෙම වසරේ දෙසැම්බර් මස 31 වන දින වන විට රාජ්‍ය සේවකයින් 20,000ක් පමණ විශ්‍රාම ගැන්වීමට නියමිතය.

2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි
කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
X සටහනක් නිසා පාකිස්තාන අගමැති ලොකු අමාරුවක වැටෙයි
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්
හිටපු ජනපති මහින්දගෙන් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුවට දින නියම වෙයි
මහපොළ වාරිකය ගැන දැනුම්දීමක්
2026 පළමු කාර්තුවේදී දැවැන්ත බදු ආදායමක්
ලොතරැයි ඉතිහාසයේ රුපියල් ලක්ෂ 6,200ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්රාහකයාට පිරිනමයි (ඡායාරූප)
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි කරන්නන්ට වැඩ වරදී