Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තනිකම හේතුවෙන් සෑම පැයකම මරණ 100ක්

9 months ago

තනිකම ආශ්‍රිත බලපෑම් හේතුවෙන් ලොව පුරා වාර්ෂිකව පුද්ගල මරණ ලක්ෂ 8 ඉක්මවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවක් මගින් අනාවරණය කරන්නේලොව පුරා පුද්ගලයින් 6 දෙනෙකුගෙන් එක් අයෙකු තනිකමෙන් පීඩාවට පත්වන බවත් එය සෞඛ්‍යයට සහ යහපැවැත්මට සැලකිය යුතු බලපෑම් ඇති කරන බවයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජ සබඳතා පිළිබඳ කොමිසම එහි නවතම ගෝලීය වාර්තාව පසුගියදා නිකුත් කළ අතර එමගින් පුද්ගල තනිකම සහ සමාජ හුදකලාභාවය පිළිබඳව කරුණු රැසක් අනාවරණ කර තිබෙනවා.

ඒ අනුව තනිකම ආශ්‍රිත බලපෑම් හේතුවෙන් ලොව පුරා වාර්ෂිකව පුද්ගල මරණ 871,000කට වැඩි සංඛ්‍යාවක් සිදුවන බව පෙන්වා දෙන එම කොමිසම
ලොව පුරා සෑම පැයකම ඒ ආශ්‍රිත මරණ 100ක් පමණ සිදුවන බවත් විශේෂ කරුණක් ලෙස දක්වා තිබෙනවා.

තනිකමේ බලපෑම හේතුවෙන් ආඝාතය, හෘද රෝග, දියවැඩියාව, සංජානන ගැටලු ආදිය ඉහළ යාම මෙන්ම අඩු වයසින් මරණයට පත්වීම ද සිදුවන බවයි.

අඩු ආදායම් සහ මැදි ආදායම් රටවල පොදුවේ වයස අවුරුදු 13ත් 29ත් අතර පුද්ගලයින්ගෙන් සියයට 17%ත් 21%ත් අතර ප්‍රතිශතයක් තනිකම ආශ්‍රිත බලපෑමට ලක්ව සිටින අතර අඩු ආදායම් රටවල එය සියයට 24%ක් දක්වා වැඩි වී ඇති බව ද දැක්වෙනවා.

තනිකම සහ සමාජ හුදකලාභාවය බැලූ බැල්මට අවදානමක් ලෙස නොපෙනුණද එය ආඝාතය, හෘද රෝග, දියවැඩියාව, සංජානන ගැටලු ආදිය වැඩිවීමට මෙන්ම අඩු වයසින් මරණයට පත්වීම ද ඉහළ යාමට බලපාන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

තනිකමේ බලපෑමට ලක්වූ පුද්ගලයින් මානසික අවපීඩනයට පත්වීමේ සම්භාවිතාව සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා දෙගුණයකින් වැඩි අතර සියදිවි නසා ගැනීමේ සිතුවිලි දක්වා තනිකම බරපතල විය හැකි බවයි එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

ප්‍රබල සමාජ සම්බන්ධතා මිතුරෙකු සමග කතා කිරීම, සංවාදයන්ට සහභාගී වීම දුරකථන භාවිතය ඉවත් කිරීම ,පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට මෙන්ම දිගු ආයු කාලයකටත් හේතුවන බව එමගින් පෙන්වා දී තිබෙනවා.

කොමිෂන් සභා වාර්තාව නිකුත් කිරීමත් සමඟ, ලෝක සෞඛ්‍ය සංවිධානය සියළුම සාමාජික රටවල්, ප්‍රජාවන් සහ පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටින්නේ සමාජ සම්බන්ධතාවය මහජන සෞඛ්‍ය ප්‍රමුඛතාවයක් බවට පත් කරන ලෙසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *