Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රෑට මුදල් වියදම් කිරීමට හැකි ස්ථානයක් සෑදීමට සංචාරක රාජ්‍ය ඇමතිනියගේ අවධානය

1 year ago 279

රාත්‍රී දහයෙන් පසු කොළඹ නගරය සොහොනක් වගේ බවත් එම නිසා සංචාරකයන්ට මුදල් වියදම් කිරීමට කිසිම ස්ථානයක් නොමැති බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ එම වේලාවෙන් පසු කොළඹ නගරය තුළ වියදම් කරන්න කිසි තැනක් නොමැති බැවින් සංචාරකයන්ට මුදල් වියදම් කිරීමට හැකියාවක් නැති බවයි.

මෙරටට පැමිණෙන සංචාරකයන්ට මුදල් වියදම් කිරීම සඳහා විනෝදාස්වාද සංවිධාන ස්ථානයන් සංවිධානය කළ යුතු බව සඳහන් කළ ඩයනා ගමගේ අවධාරණය කළේ නිතරම සංචාරකයන්ගේ මුදල් වියදම් කළ හැකි ආකාරයට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *