පානදුර සංචාරක හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පහරකෑමට ලක්වූ හයදෙනකු පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර, දස දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි හිරණ පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මනමාලයාගේ පාර්ශවයෙන් පැමිණි මහනුවර සහ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලීසිය කීය.
අත්අඩංගුවට පත් වූවන් අතර දෙවන මනමාලයා ද සිටින බව සඳහන් වේ.
රෝහල් ගතකර ඇත්තේ මනාලයාගේ පාර්ශවයෙන් පහරකෑමට ලක්වූ හෝටල් සේවකයින් පස්දෙනකු සහ මල් සැරසිලි සඳහා පැමිණි පුද්ගලයකු බව පොලීසිය කීය.
ගැටුමින් හෝටලයේ දේපළවලට ද අලාභහානි සිදු වී ඇත.
පහර කෑමට ලක් වූවන් පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
පිහිනුම් තටාකයේ සේවාව වෙන්කරවා ගෙන නොමැති නමුත්, පිරිසක් මත්පැන් පානය කොට එහි බැස දියනා ඇති අතර එහිදී හෝටල් සේවකයින් සමග ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් පිරිස කලහකාරී ලෙස හැසිරී හෝටලයට ද අලාභානි සිදුකර පහරදීම සිදුකර ඇතැයි පොලීසිය කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ඒමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව ඇතැයි වාර්තා වේ.
සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
source – lankadeepa

මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්
ලෝක කුසලාන තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවේ දී ගංජා සුරුට්ටු ඇද්ද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයාට තහනමක්
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක්
අද කාලගුණය