Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විවාහ මංගල උත්සවයේ ඇති වූ ගැටුමෙන් 6ක් රෝහලට! 10ක් කූඩුවට!

2 years ago 2.5 K

පානදුර සංචාරක හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පහරකෑමට ලක්වූ හයදෙනකු පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර, දස දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි හිරණ පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මනමාලයාගේ පාර්ශවයෙන් පැමිණි මහනුවර සහ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලීසිය කීය.

අත්අඩංගුවට පත් වූවන් අතර දෙවන මනමාලයා ද සිටින බව සඳහන් වේ.

රෝහල් ගතකර ඇත්තේ මනාලයාගේ පාර්ශවයෙන් පහරකෑමට ලක්වූ හෝටල් සේවකයින් පස්දෙනකු සහ මල් සැරසිලි සඳහා පැමිණි පුද්ගලයකු බව පොලීසිය කීය.

ගැටුමින් හෝටලයේ දේපළවලට ද අලාභහානි සිදු වී ඇත.

පහර කෑමට ලක් වූවන් පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

පිහිනුම් තටාකයේ සේවාව වෙන්කරවා ගෙන නොමැති නමුත්, පිරිසක් මත්පැන් පානය කොට එහි බැස දියනා ඇති අතර එහිදී හෝටල් සේවකයින් සමග ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් පිරිස කලහකාරී ලෙස හැසිරී හෝටලයට ද අලාභානි සිදුකර පහරදීම සිදුකර ඇතැයි පොලීසිය කියයි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ඒමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව ඇතැයි වාර්තා වේ.

සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

source – lankadeepa

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *