තමන්ට රැක බලා ගැනීමට අවශය නම් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලන බව පවසමින් පිහිටක් පතා 82 හැවිරිදි පියකු පාදුක්ක පොලිසියට පැමිණියේය.
තම දියණියන් හත්දෙනාගෙන් කිසිවකු තමා රැකබලා ගන්නා බව ඔහු පොලිසියට කියා ඇත.
ඒ අනුව අදාල පියාගේ සුරූපී දියණියන් හත් දෙනාවද පොලිසියට කැදවීමට කටයුතු කර තිබූ අතර පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානයක මහතා එම දියණියන්ගේ තොරතුරු සොයා බැලු අවස්ථාවේදී ඔවුන් සුඛෝපබෝගි ජීවිත ගත කරන අය බවට අනාවරණය වූ බවත් පොලිසිය පවසයි
දෙමාපියන්ට සැළකීමේ ගුණය පිළිබදව පියකු ලෙස දැනුවත් කර තම පියාගේ ජීවිත කාලයේ අවසන් සමය මේ වන බැවින් දියණියන් හත් දෙනා මාරුවෙන් මාරුවට හෝ සිය පියාව රැකබලා ගන්නා ලෙස ඉල්ලා සිටියද එම දියණියන් පවසා ඇත්තේ තම පියා රැක බලා ගැනිමට අවශය නම් තමන්ට ලක්ෂ දෙකක මුදලක් පියාගෙන් ලබා දිමට කටයුතු කරන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇත.
පියාගෙන් විමසූ විට පවසා ඇත්තේ තමන් සතුව මේ වන විට කිසිදු මුදලක් නොමැති බවත් මාතර රොටුඹ ප්‍රදේශයේ තිබූ ඉඩමක් විකුණා ලබා ගත් මුදලින් තමන්ට වකුගඩුවක් බද්ධ කිරීමට කටයුතු කළ බවත් ඉතිරි මුදලින් ලක්ෂ හතරක් බාල දියණියට ලබා දීමට කටයුතු කළ බවත් එම මුදල් ලබා ගත් බාල දියණියගේ රැකවරණයේ සිටි බවත් බෑනා විසින් තමාව සහ තම බිරිඳ පාදුක්ක මාවතගම ප්‍රදේශයේ කුළි නිවසකට ගෙනැවිත් පදිංචි කර දමා ගිය බව පවසා ඇත.
පොලිසියේ යෝජනාවට අකමැති වූ බැවැනි මෙම පැමිණිල්ල අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරන බවත් පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානයක මහතා පැවැසීය.
පොලිසිය කළ ඉල්ලීම මත පිලියන්දල ප්‍රදේශයේ පදිංචි එක් දියණියක් තාවකාලිකව එම 82 හැවිරිදි පියා රැකබලා ගැනීමට කැමැත්ත පල කර රැගෙන යාමට කටයුතු කල බවද පොලිසිය පවසයි.
source – lankadeepa

ඉරාන නව උත්තරීතර නායකයාට ප්‍රහාරයක්?
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින්න! ජනතාවට අනතුරු ඇඟවීමක්!
උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව
විදුලිබල වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටුකිරීමට ජනපතිගෙන් පොරොන්දුවක්
ධම්මික රණතුංගට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
දිට්වා අරමුදලට ආධාර වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් තරගාවලියක්
දිස්ත්‍රික්ක 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
“පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ගෝඨාභය කියලා” – උදය ගම්මන්පිල
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරාන නාවික මළ සිරුරු මත්තල හරහා ඉරානයට
ලෝක තෙල් මිල පාලනයට ඇමෙරිකාවෙන් ගත් තීරණය
ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් හමුවෙයි