රත්නපුර පනාමුර පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් වරයෙකු තම යතුරුපැදියෙන් ගොස් මහ මඟ ගමන් ගත් කාන්තාවන්ගේ රන්මාල කඩා ගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් කොස්තාපල්ට අයත් යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙම පොලිස් කොස්තාපල්වරයා පානදුර පොලිස් වසමේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා රන් මාලයක්, කටුවන පොලිස් වසමේදී රුපියල් එක් ලක්ෂ තිස් අටදහසක් වටිනා මාලයක් කඩා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබේ.
මාල කඩා ගැනීමට ආ යතුරුපැදියක අංකය පිළිබඳ කළ පරීක්ෂණවලදී එහි අයිතිකරු මෙම පොලිස් කොස්තාපල්වරයා බව හෙළි වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් මෙම තොරතුරු හෙළි වී ඇත.