2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී අද (10) පැවැත්විණි.
අද පැවැති ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව සිසු දරුවන් විසින් විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දුන් ආකාරය සම්බන්ධව ප්‍රශ්න කිරීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස්වරිය දෙමාපියන්ගෙන් කාරුණික ඉල්ලීමක්ද සිදුකරනු ලැබීය.
අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම ඉල්ලීම සිදු කළාය.
එහිදී විභාග කොමසාරිස්වරිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ සිසු දරු දැරියන්ගේ ළමා කාලය ගත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ශිෂ්‍යත්ව විභාගය පදනම් කරගනිමින් දරුවාගේ ළමා කාලය විනාශ නොකරන ලෙසත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය මෙලෙස සඳහන් කළාය.
“විශේෂයෙන්ම මේ පුංචි දරුවන්. මේ පුංචි දරුවන්ගේ ළමා කාලය සතුටින් ගත කරන්න අවස්ථාව සලසා දෙන්න ඕනේ. 05 ශිෂ්‍යත්ව විභාගය කියන හේතුව මතම දරුවන් අධික ලෙස පීඩනයට පත්වීම වළක්වාගන්න එක අපි හැම දෙනාගේම වගකීමක්. දරුවන් තමන්ගේ හැකියාව අනුව විභාගයට පෙනී සිටිනවා. දරුවන්ගේ හැකියාව වෙනස් ඒ නිසා දරුවන් සංසන්දනය කරමින් දරුවන් අද විභාගයට ලිව්වේ මොනවාද?, ඒ උත්තර නැවත හොයලා වැරදි උත්තර ලියලා නම් දරුවන්ට බනින්නට ඒ වගේම දඬුවම් කරන්න යන්න එපා.
හරි උත්තරය ලිව්වාත් වැරදි උත්තරය ලිව්වාත් ඒ දරුවන් ඒ අවස්ථාවේදී ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ආකාරය තමයි ඒ පෙන්වන්නේ. ඉතිං අපේ දරුවන් මොන ආකාරයෙන් පිළිතුරු සැපයෙව්වත් දරුවාගේ ළමා කාලය කියන එක අපි හැමෝටම ආපහු ගන්නට බැහැ. ඉතිං මේ ළමා කාලය සතුටින් ගත් කරන්නට පිළිතුරු ලිවීම කියන එක පදනම් කරගන්න එපා. ශිෂ්‍යත්ව විභාගය කියන එක දරුවාට එක විභාගයක් විතරයි. අනාගතයේදී දරුවන්ට මීට වඩා හොඳ විභාගවලට මුහුණ දෙන්න හැකියාව මේ දරුවන්ට තිබෙනවා. ඒ නිසා මේ ශිෂ්‍යත්ව විභාගය කියන එක මතම දරුවන්ය පීඩනයට පත්වෙන විදිහට කටයුතු කරන්න එපා කියලා තමයි මම දෙමාපියන්ගෙන් ආදරයෙන් ඉල්ලන්නේ.”
RELATED: ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වන දිනය දැනුම්දෙයි

කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය
Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි
ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්