Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අතුරුදන්ව සිටි පුද්ගලයෙක්ගේ මළ සිරුරක් ජලාශයකින් හමුවෙයි

10 months ago

නිවසින් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මාවුස්සාකැලේ ජලාශ පත්ලේ සිරවී තිබියදී නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මස්කෙළිය, බ්‍රවුන්ලෝ වතුයායේ පදිංචි වයස අවුරුදු 55ක් වන තිදරු පියෙක්.

මෙම පුද්ගලයා පසුගිය 06 වැනිදා සිට අතුරුදන්ව සිට ඇති අතර මාවුස්සාකැලේ ජලාශ ඉවුරේ තිබී ඔහුගේ ඇඳුම්, හිස් වැසුම හා පාවහන් හමුවී තිබුණා. 

එම ඇඳුම් තිබුණ ස්ථානය අසල පොළවේ “මගේ මරණයට හේතුව E.P.F” බවට සටහනක්ද තබා ඇති බව මස්කෙළිය පොලීසිය පැවසුවා.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මස්කෙළිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *