Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජාත්‍යන්තර ක්‍රිකට් තරග නීති කිහිපයක් වෙනස් වෙයි

3 years ago 3.6 K

ජාත්‍යන්තර ක්‍රිකට් තරග නීති කිහිපයක් වෙනස් කරන්නට ජාත්‍යන්තර ක්‍රිකට්
කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව විසින් කල නිර්දේශයන්ට ජගත් ක්‍රිකට් කවුන්සිලයේ
විධායක කමිටුව විසින් සිය අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව ඔක්තෝම්බර් මස පළමු වැනිදා සිට ජාත්‍යන්තර ක්‍රිකට් තරග බිමේදී වෙනස්වන
නීති සංඛ්‍යාව 8ක්.

උඩපන්දුවක් ලබා දී පිතිකරුවන් දෙදෙනා පැති මාරු කළ ගතහොත්, ක්‍රීඩකයා දැවී ගිය
අවස්ථාවේදී මීලඟ පන්දුවට පහර දීමේ අවස්ථාව පිටියේ රැඳී සිටින පිතිකරුවාට පැරණි
නීතිය අනුව හිමිවුවත්, නව නීතිය අනුව ඕනෑම ආකාරයකින් උඩ පන්දුවක් රැකගෙන දැවී ගිය
විටකදී මීලඟ පන්දුවට මුහුණ දීමේ අවස්ථාව හිමි වන්නේ නවක පිතිකරුවටයි.

කොවිඩ් අවධානම නිසා පන්දුව ඔප දැමීම සඳහා ඛේටය භාවිතා කිරීම තාවකාලිකව තහනම්
කෙරුණත් එය පූර්ණ කාලීනව තහනම් නම් කර තිබෙනවා.

ක්‍රීඩා පිටියට පැමිණෙන පිතිකරුවෙකුට ටෙස්ට් සහ එක්දින තරඟවලදී විනාඩි දෙකක්
ඇතුළත පහර දීමට සූදානම් වීම අනිවාර්ය වන අතර, පන්දුවාර 20 තරඟවලදී ලබා දී තිබෙන
තත්පර 90ක කාලසීමාවේ කිසිදු වෙනසක් සිදු කර නැහැ.

එමෙන්ම පන්දුවට පහරදෙන පිතිකරුවාගේ පිත්ත, ශරීරය හෝ මොනයම් හෝ කොටසක් තණතීරු
සීමාව තුළ තිබීම අනිවාර්ය වන අතර ඔවුන් ඉන් පිටතට ගියහොත් එම පන්දුව අජීවී
පන්දුවක් ලෙස විනිසුරුවරයා විසින් සංඥාකරනු ඇති.

පිතිකරුවාට තණතීරුවෙන් ඉවත් වීමට උත්සහ ගන්වන ඕනෑම පන්දුවක් නිපන්දුවක් ලෙස ද නම්
කිරීමට නව නීතිය අනුව විනිසුරුට බලය පැවරෙනවා.

පන්දු යවන්නා පන්දු යැවීම සඳහා දිව එන අවස්ථාවේදී පන්දු රකින්නන් අසාධාරණ ආකාරයේ
වෙනසක් සිදු වුවහොත් එම පන්දුව අවලංගු කිරීමට සහ පිතිකරණයේ නිරත වී සිටින
කණ්ඩායමට දඬුවම් ලකුණු 5ක් ලබා දීමටත් නව ක්‍රිකට් නීති අනුව
විනිසුරුට අවස්ථාව ලැබෙනවා.

පන්දු යවන අන්තයේ සිටින පිතිකරුවා පන්දුව යොමු කිරීමට පෙර දිවීමට උත්සහ කරන
අවස්ථාවක දවා ගැනීම මින් පෙර “අසාධාරණ ක්‍රීඩා කිරීම හෙවත් “මන්කාඩ් දැවීයාම නව
නීතිය අනුව ගෙන ඇත්තේ නීත්‍යනුකුල දුවද්දී දැවී යෑම් යටතටයි.

පන්දු යවන්නා පන්දුව යොමු කිරීමට පැමිණෙන විට පිතිකරුවා සීමා ඉරෙන් ඉදිරියට එන බව
පෙනෙන්නේ නම් පන්දු යවන්නාට පන්දුව පිතිකරණ අන්තයේ කඩුල්ලට විසි කරන දුවද්දී දැවී
යාමකට හසු කරගැනීමට පෙර නීතිය අනුව හැකි
වුවද නව නීතිය අනුව එය අජීවී පන්දුවක් බවට පත් කර තිබෙනවා.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට පන්දුවාර 20 තරග සඳහා ක්‍රියාත්මක වන පරිදි පන්දු රකින
කණ්ඩායම නියමිත කාලය තුලදී පන්දුවාර සංඛ්‍යාව ක්‍රියාත්මක කිරීමට නොහැකි
වුවහොත්,ඉනිමේ ඉතිරි පන්දුවාර යැවීමේදී සඳහා යාර 30 සීමාව තුළට
සම්මත ක්‍රීඩකයින් ප්‍රමාණයට වඩා තවත් අමතර ක්‍රීඩකයකු කැඳවිය යුතු අතර එම නීතිය
එක්දින තරග සඳහා ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ 2023 ලෝක කුසලානය එක්දින ක්‍රිකට් සඳහා වන සුපර් ලීගයෙන් අනතුරුවයි.

මීට අමතරව ද්විපාර්ශවිය එක්දින සහ පන්දුවාර 20 තරග සඳහා අදාළ රටවල්වල අනුමැතිය
යටතේ හයිබ්‍රිඩ් (hybrid) තණ තීරු භාවිතා කිරීම සඳහා ද අවසර ලබා දී තිබෙන අතර එය
දැනට කාන්තා පන්දුවාර 20 තරග සඳහා භාවිතා කරනු ලබනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *