සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලක්මාල් වරුණ මධුරංග හෙවත් පරිප්පුවා ඇතුළු 7 දෙනෙකු පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙමටගොඩ ප්‍රදේශයේ ඊයේ (21) සිදු කළ වැටලීමක දී මෙම සැකකරුවන් අතඅඩංගුවට ගෙන ඇති
අතර, ඔවුන් ලග තිබී කඩු 3ක් සහ මන්නා පිහියක් ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට
ගනු ලැබුවා.
සැකකරුවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් අතර ඔවුන්ට එරෙහි ව ඝාතන, පහරදීම් සහ පුද්ගලයින් බිය වැද්දීම යන චෝදනා පවතිනවා.