විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව විසින් මේ වසරේ ජනවාරි සිට ජූලි මස 31 වැනිදා දක්වා රුපියල් කෝටි 133,000ක (අමෙරිකානු ඩොලර් මිලියන 4,435.2) මුදලක් මෙරටට ප්‍රේෂණය කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
2024 වසරේ එම කාලයේදී විදෙස් ප්‍රේෂණ රුපියල් කෝටි 110,000ක (අමෙරිකානු ඩොලර් මිලියන 3,710.8) මුදලක් මෙරටට ලැබී තිබෙන අතර, එය මේ වසරේදී සියයට 19.5ක වර්ධනයක් පෙන්නුම් කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකින් පෙන්වා දෙයි.
පසුගිය ජූලි මාසයේදී පමණක් විදේශ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 697.3ක ප්‍රමාණයක් මෙරටට ලැබී තිබෙන අතර, එය 2024 ජූලි මාසයේදී මෙරටට ලැබී තිබෙන අමෙරිකානු ඩොලර් මිලියන 566.8ට සාපේක්ෂව සියයට 23ක වර්ධනයන් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.
ඒ අනුව මේ වසරේ ජූලි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අගය ඉහළ ගොස් තිබෙන අතර, එය 2020 දෙසැම්බර් මාසයෙන් පසුව සටහන් වූ ඉහළම අගය බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් කරයි.

2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි
කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
X සටහනක් නිසා පාකිස්තාන අගමැති ලොකු අමාරුවක වැටෙයි
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්
හිටපු ජනපති මහින්දගෙන් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුවට දින නියම වෙයි
මහපොළ වාරිකය ගැන දැනුම්දීමක්
2026 පළමු කාර්තුවේදී දැවැන්ත බදු ආදායමක්
ලොතරැයි ඉතිහාසයේ රුපියල් ලක්ෂ 6,200ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්රාහකයාට පිරිනමයි (ඡායාරූප)
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි කරන්නන්ට වැඩ වරදී