සොරකම් කරන ලද පාපැදි 38 ක් සමග ගම්පහ , ඔරුතොට ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
අධික ලෙස මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී ඇති බව කියන කියන මොහු ඒ සදහා අවශ්‍ය මුදල් සොයා ගැනීම පිනිස ගම්පහ සහ යක්කල ප්‍රදේශයන්හිදී මෙම පාපැදි සොරා ගෙන අඩු මිලට අලෙවි කර සහ උකස් කොට තිබියදී සැකකරුගේ පාපොච්ඡාරණයන්ට අනුව සොයාගත් බවත් පොලීසිය පවසයි.
මෙලෙස සොරාගෙන අලෙවි කර තිබූ යතුරු පැදි කිහිපයක මිල රුපියල් ලක්ෂය ,අසූ දහස පමණ වන බවත් මෙම පාපැදි අතුරින් හිමිකරුවන් 21 හදුනා ගෙන ඇති බවද පොලීසිය කියයි.
සැකකරු අත් අඩංගුවට ගත් අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 400 ක ප්‍රමාණයක් තිබී ඇත.
ගම්පහ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතු අනුව ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක සමීර ලක්ෂාන් මහතාගේ මෙහෙයවීම යටතේ සැරයන්වරුන්වන රොෂාන් (12839), පේමලාල් (32795),කොස්තාපල්වරුන් සම්පත් (1458), මාලින්ද ( 39627) සහ ජයසිංහ (80951) යන නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කොට ඇත.
සැකකරු සහ නඩු භාණ්ඩ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
source – lankadeepa
TRENDING – එයාල මගෙ ගේ ගිනි තිබ්බා… අධ්‍යක්ෂකවරුන්ට කන්‍යාභාවය දෙන නිලියෝ ඕන තරම් ඉන්නවා… – අනෝජා වීරසිංහ

ලෝක කුසලාන ශුරයින්ට ලැබෙන තෑගි මුදල මෙන්න
රටේ දැඩි ආන්දෝලනයක් ඇති කළ් පනතකට ආණ්ඩුවෙන් සංශෝධන
වාහනයක් මිලට ගන්න ඉන්න ඔබට සුබ ආරංචියක්! කොමර්ෂල් බැංකුවෙන් නම්‍යශීලී ලීසිං පහසුකම්!
පැතුම් නිස්සංකගේ තැන කුසල් මෙන්ඩිස්ට
ශ්‍රී ලංකාවට ජය ගෙන ආ කමිඳු මෙන්ඩිස් කී කතාව
කැනඩාවේදී ලාංකිකයෙක් අත්අඩංගුවට
යුද හමුදා සාජන් මේජර්වරයකු වෙඩි තබාගෙන මරුට
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීමට ඉන්දීය දූත පිරිසක් දිවයිනට
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
මහ බැංකුව සතු සංචිත පහත වැටෙයි
වනිඳුට MRI ස්කෑන් පරීක්ෂණයක්! වෙනත් ක්‍රීඩකයෙක් සංචිතයට කැඳවයි!
හිටපු ඇමති කෙහෙළියගේ නඩුවක් කල්යයි