පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් සීනි බදු අඩුකිරීම සහ සතොස ආයතනයේ සීනි ගනුදෙනු පිළිබඳව ද විගණකාධිපතිවරයා නවතම විගණන වාර්තාවකින් සිදුවූ පාඩුව අනාවරණය කර ඇත.
එම වාර්තාවට අනුව සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ ආනයනික බද්ද රුපියල් 50 සිට සත 25 දක්වා අඩු කරමින් 2020 වසරේ ඔක්තෝබර් 14 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර 2021 වසරේ පෙබරවාරි 08 වනදා සීනි සඳහා පනවා තිබූ පාලන මිලද රජය විසින් ඉවත් කරනු ලැබීය.
මෙම කාලය තුළ ලංකා සතොස ආයතනය වරින් වර පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන් සීනි මිලදී ගෙන අලෙවි කිරීම නිසා සිදුව ඇති අලාභය රුපියල් මිලියන 102ක් බව විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
එම විගණන වාර්තාවට අනුව සීනි ආනයනකරුවන් අතරින් අදාළ කාලසීමාව තුළ පිරමීඩ් විල්මා ආයතනය පමණක් සීනි ආනයනය සියයට එක්දහස් දෙසීය විසි දෙකකින් (1222%) ඉහළ ගොස් ඇති බවත් අනෙකුත් සියලුම ආනයනකරුවන් ඍණ මට්ටමක පවතින බවත් විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙයි.
මෙම බදු අඩුකිරීම හේතුවෙන් ආනයනික වෙළෙඳුන් වැඩි ආර්ථික වාසියක් අත්කරගෙන ඇති අතර සීනි බදු අඩුකිරීමේ වාසිය ජනතාවට ලැබී නොමැති බවද එම වාර්තාවේ සඳහන් විය.
සීනි බදු අඩු කිරීමෙන් රජයට වූ පාඩුව රුපියල් මිලියන දහසය දහස් හත්සිය අටක් (16,708,000) ක් බව විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

දිට්වා අරමුදලට ආධාර වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් තරගාවලියක්
දිස්ත්‍රික්ක 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
“පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ගෝඨාභය කියලා” – උදය ගම්මන්පිල
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරාන නාවික මළ සිරුරු මත්තල හරහා ඉරානයට
ලෝක තෙල් මිල පාලනයට ඇමෙරිකාවෙන් ගත් තීරණය
ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් හමුවෙයි
දුමින්ද සිල්වාගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර
ශෂීන්ද්‍ර ඇතුළු සැකකරුවන්ගේ විමර්ශන අවසන් කරයි
ADB වෙතින් ශ්‍රී ලංකා ආර්ථිකයට දැවැන්ත සවියක්
ඉරානයේ ඉලක්ක 6,000කට ප්‍රහාර
ඇමෙරිකානු ගුවන් යානයක් කඩා වැටෙයි! වගකීම ඉරාක ප්‍රතිරෝධී කණ්ඩායම භාරගද්දී, ඇමෙරිකාවෙන් වෙනස්ම කතාවක්!