Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වැඩිහිටියන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

7 months ago

මෙවර ඔක්තෝම්බර් 01 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) ජරයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ලෝක වැඩිහිටි දිනයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින්.

අපේ රටේ එන්න එන්නම වැඩිහිටි ජනගහනය වර්ධනය වෙමින් පවතින බව පෙනීයන බව පැවසූ අමාත්‍යවරයා එමනිසා රජයක් හැටියටත්, සංවිධාන සහ ආයතන හැටියටද වැඩිහිටියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද අවධාරණය කළා.

ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වැඩ පිළිවෙල තුළ මෙරට වැඩිහිටි ජනගහනයට ප්‍රීතිමත් විශ්‍රාම ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට වැඩසටහන් ගණනාවක් සැලසුම් කර ඇතැයිද සඳහන් කළා.

එම වැඩසටහන් අතර වැඩිහිටියන්ට සක්‍රීයව තම ජීවන කටයුතු කරගෙන යාමට අවශ්‍ය සංවිධානගත වීමටත්, සමිති සමාගම් පැවැත්වීමටද ඒවාට අවැසි මූල්‍යමය සහාය ලබාදීමටද කටයුතු සූදානම් කළ බවද පැවසුවා.

අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටියන්ට විශේෂයෙන්ම එනම් සක්‍රීය ලෙස ශ්‍රම දායකත්වය ලබාදිය නොහැකි අයට ලබාදෙන ආධාර මුදල ඉහළ දැමූ බවද අවධාරණය කළා.

මෙම රජය බලයට පත් වන විට අට ලක්ෂ පනස් දහසකට පමණ පිරිසකට රුපියල් තුන්දහසක ආධාර මුදලක් ලබාදුන් බවද වත්මන් රජය ප්‍රමාණාත්මකව මෙම අට ලක්ෂ පනස් දහස ලස්ඛ දහය දක්වා වැඩි කර රුපියල් 3000 ක දීමනාව රුපියල් 5000 දක්වා වැඩිකර මූල්‍යාධාර ලබාදීමද වැඩිකර ඇතැයි සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *