මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ (06) අලුයම ඇතුළු වූ පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් පියෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්විය.
මෙම ත්‍රිත්ව ඝාතනයට පැමිණි සැකකරුවන් තිදෙනෙකු ගලේවෙල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගැනීමට ඊයේ දහවල් හැකිවී තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 23, 25, 29 යන වයස්වල පසුවන්නන්ය.
සැකකරුවන් බස් රථවල නැග පළායන බවට පොලීසියට තොරතුරු ලැබී තිබූ අතර ඒ ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ මෙම වෙඩිතැබීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය සහ යතුරුපැදිය බඩල්ගම ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගත් බවය.
මෙම ත්‍රිත්ව ඝාතනයට භාවිත කළ ගිනිඅවිය සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකය.
සරුංගලයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවී ඇත.
පොලීසිය පැවසුවේ එම ආරවුලට අදාළව මේ වනවිට පුද්ගලයන් 07 දෙනෙකු ඝාතනයට ලක්වී ඇති බවය.
මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේදී පිහිටි නිවසකට යතුරු පැදියකින් හා මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් පස් දෙනෙකුගෙන් හෝ හය දෙනෙකුගෙන් යුත් පිරිසක් අද පෙරවරු 6.50ට පමණ ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.
ඔවුන් වෙඩි තැබීමට පැමිණෙන ආකාරය අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.
නිවසෙහි සාලයේ නිදා සිටි තරුණයන් දෙදෙනෙකුට එම පිරිස පළමුව වෙඩි තබා ඇති අතර අනතුරුව එම ස්ථානයට පැමිණි ඔවුන්ගේ පියාට ද වෙඩි තබා තිබුණි.
මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි වියේ පසුවූ පියා සහ ඔහුගේ අවුරුදු 23 හා 24 යන වයස්වල පසුවූ පුතුන් දෙදෙනාය.
පොලීසිය පැවසුවේ වෙඩිතැබීමට පැමිණි පුද්ගලයෙකු පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි බවය.
පසුගිය වසරේ ජූනි මස 20 වනදා මිනුවන්ගොඩදී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට මොවුන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගතව සිට දැනට ඇප මත මුදාහැර සිට තිබුණි.
මෙම ආරවුලට අදාළව පළමුව පිය පුතු දෙපළක් ඝාතනය වී ඇත්තේ 2017 වසරේ අගෝස්තු මස 26 වනදාය.
ඊට සම්බන්ධ බවට සැකපිට පොලීසිය විසින් තවත් පියපුතු දෙපළක් අත්අඩංගුවට ගත් අතර ඒ අතර සිටි ප්‍රධාන සැකකරුවා ද 2018 වසරේ අගෝස්තු මස 05 වනදා වෙඩි තබා ඝාතනය කෙරුණි.
අනතුරුව එම ඝාතනයට සම්බන්ධ තරුණයෙකු පසුගිය වසරේ ජූනි මස 20 වනදා ඝාතනය කර ඇති අතර එම ඝාතනය සිදුකර ඇත්තේ අද දිනයේදී ඝාතනයට ලක්වූ පියා සහ පුතුන් දෙදෙනා බවට සැකකෙරෙයි.
ඒ අනුව අදාළ සරුංගල සිද්ධියට මේ වනවිට දෙපාර්ශ්වයේම පුද්ගලයන් හත් දෙනෙකු ඝාතනයට ලක්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

අටමස්ථානාධිපති තනතුරේ වෙනසක්! පල්ලේගම හේමරතනගේ තනතුරු අත්හිටුවයි!
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ
පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණයක්! ජනපතිගෙන් IMF වෙත සහතිකයක්!
මෙවර වෙනස්ම ආකාරයේ දන්සැල් රැසක්! පවත්වන ස්ථාන හා වේලාවන් මෙන්න!
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි
මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලුම පාසල් වෙත මාර්ගෝපදේශ නිකුත් කෙරේ
සර්වජන බලයෙන් ජනපතිට ප්‍රශ්න 3ක්
කොළඹ උද්ධමනයේ වැඩිවීමක්
මඩකළපුවේ දරුවන් දෙදෙනා මියගිය සිද්ධියේ සැකකාර පියා රිමාන්ඩ්
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ වැඩ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
බස් රථයක් පෙරළෙයි! 26ක් රෝහලට!