කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් රවටා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූයේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් තිකෝ සමූහ ව්‍යාපාරයේ අධිපතිනි තිලිණි ප්‍රියමාලිව ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (06) නියෝග කළේය.
කොළඹ කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් වැඩි ලාභාංශ දෙන බව කියමින් ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන් හා භික්ෂුන් වහන්සේගෙන් කෝටි ගණනක් වංචා කළ බවට ඇයට චෝදනා එල්ලවී ඇති අතර ඇගෙන් එම මුදල් ඉල්ලූ විට ඔවුන් සමග ලිංගික කාරනා කතා කර ප්‍රසිද්ධ කිරීමට නිළියක් යොදාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
ප්‍රසිද්ධ නිළියක යොදාගෙන මෙම ප්‍රකෝටිපතියන් සමග කතා කරන ලිංගික කරුණු ඇතුළත් සංවාද පටිගත කර ඒවා මුදාහරින බවට නැවත මුදල් ඉල්ලන අය බියවද්දවා ඇතැයි හෙළි වී ඇත.
මෙම ප්‍රසිද්ධ නිළියට එම ලිංගික සංවාද හඬපට රහසේ පටිගත කරදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සැකකාරිය විසින් ගෙවා ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මේ හේතුවෙන් මෙම ව්‍යාපාරය හිමි කතට එරෙහිව පැමිණිලි කිරීමට වංචාවට ලක් වූ ප්‍රකෝටිපතියන් බිය වී ඇතැයි ද හෙළි වී ඇත.
මෙම කාන්තාව මෙරටට ඉන්ධන ගෙන්වීමට ඩොලර් අවශ්‍ය බව කියමින් ඇමරිකානු ඩොලර් හැටදහසක් හා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් හා රන්භාණ්ඩ වංචා කිරීමේ සිද්ධියට අදාළව කමල් හසන් නමැති ව්‍යාපාරිකයකු පැමිණිලි කර ඇති අතර තවත් මිලියන 226ක් අබ්දුල් සත්තාර් නමැති ව්‍යාපාරිකයකුට වංචා කිරීම සම්බන්ධව පමණක් පැමිණිලි ලැබී ඇතැයි විමර්ශකයන් කියයි.
මෙම ප්‍රසිද්ධ නිළිය යොදාගෙන හඬපට ප්‍රසිද්ධ කරන බවට බියවද්දා ආචාර්ය උපාධිධාරියෙක් වන කෝටිපතියකු ඇතුළු විශාල පිරිසක් බියවද්දා ඇතැයි තොරතුරු විමර්ශන කණ්ඩායම් වෙත ලැබී ඇත.
ප්‍රවීණ රංගන ශිල්පියකු හා හිටපු කැබිනට් ඇමැතිවරයකුගෙන් රුපියල් මිලියන 100ක් ද, හිටපු ආණ්ඩුකාරවරයකුට රුපියල් කෝටි අසූවක්ද වංචා කර ඇතත් ඔවුන්ද මෙතෙක් පැමිණිලි කර නොමැත.
රත්තරන් පොලු දෙන බව පවසා ප්‍රසිද්ධ හිමිවරුන් කිහිපදෙනකුද රවටා ඇති බවත්, කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයකට සැකකාරිය විසින් ව්‍යාපාරිකයකුද රැගෙන ගොස් ඇතැයිද හෙළි වී ඇත.
වත්තල, ඇවරිවත්ත, එඩ්වඩ් ලේන්, අංක 35 හි පදිංචි වඩුවාරයගේ තිලිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරියට එරෙහිව මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අධිකරණ රැසක නඩු 07ක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඇය මීට අමතරව පිටකොටුවේ ජංගම දුරකතන ඇලෙවි සැලක හිමිකරුවකුගෙන් රුපියල් මිලියන 40ක්ද වංචා කර තිබෙන බව අනාවරණය වී තිබේ.
මෙලෙස වංචා කරන ලද රුපියල් කෝටි ගණනක මුදලට සැකාරිය කුමක් කළේද යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තිලිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරිය යටතේ සේවය කරන ලද කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සිය ප්‍රධානියාගේ (සැකකාරියගේ) වංචාවන්වලට සෘජුවම දායක වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.
එම පිරිස් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම සැකකාරිය ත්‍රිකෝ සමූහ ව්‍යාපාරය යටතේ ව්‍යාපාර රැසක් පවත්වාගෙන ගොස් තිබෙන අතර මැණික්, ගොඩනැගිලි ඉදිකිරීම්, ස්වර්ණාභරණ, චිත්‍රපටි නිෂ්පාදන, ඉඩම් මිලදී ගැනීම් සහ වෙන්දේසි කිරීම්වලට අදාළ සමාගම් 06ක් ලියාපදිංචි කර තිබූ බවද පොලිසිය පවසයි.
මෙම සැකකාරියට ඩුබායි රාජ්‍යයේද ව්‍යාපාරික ස්ථානයක් තිබෙන බව අනාවරණය වී තිබේ.
සැකකාරිය ස්ථාන 04ක පදිංචි වී සිටියද ඇයට ස්ථිර පදිංචි ස්ථානයක් නොමැති බවද පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මහා පරිමාණ අයුරින් මුදල් වංචා කරමින් සැඟවී සිටි සැකකාරිය ගිනි අවි සහිත විශේෂ ආරක්ෂකයන් පිරිසකගේ ආරක්ෂාව යටතේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකපිට අත්අඩංගුවට ගත් තිකෝ සමූහ ව්‍යාපාර අධිපතිනි තිලිණි ප්‍රියමාලි රිමාන්ඩ් භාරයට පත්කිරීමෙන් පසු සැකකාරිගේ පුද්ගලික ආරක්ෂකයන් යැයි කියා ගන්නා පිරිසකගෙන් අධිකරණ භූමිය තුළ රැඳී සිටි මාධ්‍යවේදීන්ට දැඩි තර්ජනයක් ඊයේ (06) එල්ල වී තිබිණි.
තිළිණිගේ ජාලය සමඟ ගනුදෙනු කළ නළු නිළියන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් රැසකගේ නම්ද මේවන විට හෙළිව තිබේ.
මේ වසරේ අප්‍රේල් මාසයේදී අදාළ සමාගම විසින් පුබුදු චතුරංග අධ්‍යක්‍ෂණය කරන ‘‘මායා – 2’’ චිත්‍රපටයේ මුහුරත් උළෙල අති උත්කර්ශවත් අයුරින් කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී පවත්වා තිබිණි.
එම උත්සවයේ මුහුරත් උළෙලේ නර්තන අංග දෙකක් සඳහා රුපියල් කෝටි දෙකක මුදලක් ගෙවමින් ශ්‍රී ලාංකීය ප්‍රේක්‍ෂකයින් අතර ප්‍රකට ‘‘ප්‍රේම දඩයමේ’’ ශිවන්‍යාගේ චරිතය නිරූපනය කරනු ලබන ‘මෝනි රෝයි’ ද ගෙන්වා තිබිණි.
-newsi-